Monday, October 21, 2024
Follow Us
Economic

පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙම වර්ෂය තුළ  උපයන ලද ආදායමෙන් රුපියල් මිලියන 125ක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබේ.

Economic

රජය සහ යුරෝපා සංගමය ආහාර අංශයේ ආර්ථිකයක් සහ තිරසාර පරිභෝජනය සහ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා මූල්‍ය ගිවිසුමකට අත්සන් තබා ඇත.

Economic

2024 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය වන අද (23) විවාදයට ගැණුනු ආරක්ෂක අමාත්‍යාංශය වැය ශීර්ෂය (103) වැඩි ඡන්ද 68කින් සංශෝධන රහිතව සම්මත විය.

Economic

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැයෙන් “විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන” වෙනුවෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

Economic

ලංකා සතොස විසින් පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ දැරිය හැකි මිලකට ලබා දීමට සමත් වී තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

Economic

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ජල සම්පාදන අංශයේ නව ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Economic

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක් පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

Economic

2023 ඔක්තෝබර් මාසය වනවිට 2022ට සාපේක්ෂව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී 21%කින් හා 2023 ඔක්තෝබර් වනවිට 46%කින්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සිමාකර තිබේ. 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7ක් වූ වියදම 2022දී 1310.4ක් වූ අතර 2023 ඔක්තෝබර් වනවිට එම අගය රු.මි. 705.7ක් දක්වා අඩු කර ඇත.

විශේෂත්වය වන්නේ 2021 දී අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා අය-වැයෙන් වෙන් කළ රු.මි. 1661.7 ම වියදම් කර තිබුණද 2022දී වෙන් කළ රු.මි. 1432.8න් 1310.4ක් පමණක් වියදම් කිරීමත්, 2023දී වෙන්කළ රු.මි. 1012.0න් රු.මි. 705.7ක් පමණක් වියදම් කිරීමය.

දිනේෂ් ගුණවර්ධන මහතා, අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට පෙර 2021-2022 කාලයේ අගමැති කාර්යාලයේ කාර්ය මණ්ඩලය 500කට අධික වුවත් මේ වනවිට එම ගණන 285 දක්වා අඩුකර ඇත.

ඒ අනුව වැටුප් වියදම 2022දී රු.මි. 340.3ක් වූ අතර 2023.11.22 වනවිට එම වියදම රු.මි. 208.2 දක්වා 39%කින් අඩුකර ඇති අතර, ලිපි ද්‍රව්‍ය වියදම 74%කින් අඩුකර ඇත්තේ විද්‍යුත් පද්ධති හරහා කාර්යාලයීය කටයුතු සිදුකිරීමත් සමගය.

අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබෙන ලිපිවලට පිළිතුරු සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක්කිරීම හේතුවෙන් තැපැල් හා සන්නිවේදන වියදම 36%කින් අඩුකර ගැනීමට හැකිවී තිබේ.

වර්ෂ 2022දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන 178ක් පැවතියත්, 2023 වර්ෂය අවසන් වනවිට ඇත්තේ සේවා අවශ්‍යතාවට ප්‍රමාණවත් වාහන 125ක සංචිතයක් පමණි. ඒ අනුව 2022දී පැවති රු.මි. 239.2ක වාහන නඩත්තු වියදම, 2023දී රු.මි.72.3 දක්වා70%කින් අඩුකරගෙන තිබේ.

ඉන්ධන වියදම 26%කින් අඩු වී ඇත්තේ, 2022 වර්ෂයේදී පැවති රු.මි. 107ක මුදල 2023දී රු.මි. 79.3 දක්වා අඩුකර ගැනීමට හැකිවිමෙනි.

ලංකා විදුලිබල මණ්ඩලය සමග ගිවිසුම්ගතව පවත්වාගෙන ගිය විදුලි ජනක යන්ත්‍රවල වාර්ෂික නඩත්තු කටයුතු නියෝජිත ආයතන වෙත පවරා දීම මගින් රු.මි.15ක් ඉතිරි කරගැනීමටද අග්‍රාමාත්‍ය කාර්යාලයට හැකිවූ අතර, ඒ අනුව යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ නඩත්තු වියදම අඩු වූයේ 31%කිනි.

මෙසේ කාර්යක්ෂම මුල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යද්දී, රටේ ආර්ථික සහ සමාජ අර්බුදයෙන් මිදීම සඳහා වඩාත් හදිසි අවස්ථා වැඩි ගණනක් ආවරණය වන පරිදි අග්‍රාමාත්‍ය කාර්යාලයේ වගකීම් සම්භාරය තව තවත් පුළුල් කිරීමද විශේෂත්වයකි. අමාත්‍ය මණ්ඩලය මගින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පවරා ඇති අතිරේක කාර්යය භාරයන්ද සාර්ථකව ඉටු කරමින් කාර්යාලයේ සේවාවන් බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම උදෙසා, වියදම් සීමා කිරීම කිසිදු බාධාවක් වූයේ නැත.

මහා පරිමාණ ව්‍යාපෘති 262 සම්බන්ධ ගැටළු නිරාකරණය උදෙසා ජාතික මෙහෙයුම් මැදිරිය සතිපතා ක්‍රියාත්මක කිරීම මෙන්ම, ජාතික ජල සම්පත් ප්‍රතිපත්තියක් සැකසීම, ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් සැකසීම, තිරසාර බලශක්ති ප්‍රතිපත්තියක් සැකසීම, අධ්‍යාපන උපාය මාර්ග සහ ප්‍රතිපත්ති රාමු සැකසීම යන අතිරේක කාර්යයන් ඉටු කිරීමද, අග්‍රාමාත්‍ය කාර්යාලයට පැවරී තිබේ.

Economic
 
කොළඹ වරාය නගරයේ ආයෝජන දිරිගැන්වීම සඳහා තවත් නීති රෙගුලාසි කිහිපයක් ඉදිරි මාස තුන ඇතුළත සම්මත කිරීමට නියමිත බව ආයෝජන ප්රවර්ධන අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.
Economic
 
පවතින දේශීය ආදායම් නීතිය අනුව තක්සේරු වර්ශ 2022/2023, එනම් 2022 අප්රේල් 01 දා සිට 2023 මාර්තු 31 දින දක්වා කාල පරිච්ඡේදය සඳහා වාර්ෂික ආදායම් වාර්තාව නොවැම්බර් මස 30 දිනට ප්රථම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට භාර දිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සඳහන් කළහ. එසේ අදාල දිනට භාර නොදෙන බදු ලිපිගොනු පවත්වා ගෙන යන තැනැත්තන්ට රුපියල් 50,000 දඩයක් සහ ගෙවිය යුතු බදු මුදලින් සියයට 5 ක දඩ මුදලක් පැනවෙන බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
Economic
  • සුළු අපනයන බෝග වගාව ප්‍රවර්ධනය කිරීමට විශේෂ අවධානයක්.
  • මාතලේ දිස්ත්‍රික්කය කෘෂි දිස්ත්‍රික්කයක් ලෙස සංවර්ධනයට සැලසුම්.
  • කොකෝවා වගාව ප්‍රචලිත කිරීමට විශේෂ වැඩපිළිවෙළක්.
  • මුදල් වැය කිරීම මෙන්ම මුදල් එකතු කිරීම පිළිබඳවද දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී යෝජනා ලබා දෙන්න.
  • ශ්‍රී ලාංකික ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය තහවුරු කරනවා – ජනපති මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී පවසයි.
Economic

The Colombo stock market yesterday ended the post-Budget week suffering a loss of 2% amidst poor investor sentiment-led lacklustre trading.

The benchmark ASPI lost 259.17 points (2.38%) during the week while the S&P SL20 lost 84.85 points (2.75%). The dip was as opposed to gains of 0.7% and 1.7% by the indices respectively.

Daily turnover this week averaged Rs. 834 million, down from Rs. 1.6 billion last week.

Asia Securities said the market on Friday ended the week on a downbeat note as the indices closed in red for a fourth consecutive session with the ASPI declining 49 points and the S&P SL20 index edging 11 points lower.

BIL (-2.0%), LIOC (-1.7%), NTBN (-2.0%), CALT (-3.5%), HHL (-2.0%), SAMPN (-1.5%), DIAL (-3.2%), and CFVF (-2.6%) recorded price losses while DIST (+8.0%), MELS (+1.2%), LMF (+4.5%), and SLTL (+1.3%) provided support to the ASPI during the session. Overall, 54 stocks closed higher while 95 ended with losses.

Turnover on Friday was Rs. 874 million down from Rs. 1.1 billion on Thursday and was led by CARS (Rs. 134 million), MELS (Rs. 131 million), and DIST (Rs. 111 million). Off-board transactions accounted for 11.3% of turnover with 4 crossings in CARS at Rs. 98 million.

Foreigners recorded a net outflow of Rs. 42.8 million. Net foreign buying topped in CARS at Rs. 13.9 million and selling topped in MELS at Rs. 25.3 million.

First Capital said the ASPI closed in the red zone, recording losses for the fourth consecutive day amidst weak investor participation while a cautious stance was adopted ahead of the upcoming monetary policy review.

The Index took a bullish note during the early hours of trading predominantly led by MELS and DIST. This surge was notably influenced by DIST’s announcement of a Sales and Purchase Agreement to acquire shares of Heineken Lanka Ltd., contributing to an 8% increase in DIST’s stock price. Additionally, investor interest in LMF was evident following the share split announcement. However, by mid-session index was on a steep downtrend led by profit taking on selected banking counters (SAMP, SEYB and NTB) and closed at 10,631, losing 49 points.

NDB Securities said high net worth and institutional investor participation was noted in Carson Cumberbatch. Mixed interest was observed in Melstacorp, Distilleries and Lanka Milk Foods whilst retail interest was noted in Browns Investments, SMB Leasing and Ambeon Capital.

The Food, Beverage and Tobacco sector was the top contributor to the market turnover (due to Carson Cumberbatch, Melstacorp, Distilleries, Lanka Milk Foods and Browns Investments) whilst the sector index edged down by 0.10%.

The share price of Carson Cumberbatch edged up by 25 cents to Rs. 250. The share price of Melstacorp gained 90 cents to Rs. 78.70. The share price of Distilleries moved up by Rs. 2 to Rs.

27. The share price of Lanka Milk Foods recorded a gain of Rs. 9.50 to Rs. 218.75. The share price of Browns Investments declined by 10 cents to Rs. 4.90.

The Banking sector was the second highest contributor to the market turnover whilst the sector index decreased by 0.71%.

-FT

Economic

කවර පසුබෑම් මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ වනවිට ඇමරිකානු ඩොලර්  බිලියන 1.8  ක වටිනාකමින් යුත් ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කර ගෙන ඇති බව සහ ඉන් බිලියන 1.5ක් සෘජු විදේශ ආයෝජන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 

Economic
  • Says significant progress made and expects financial assurances to complete first review 
  • Focuses on obtaining assurances from official bilateral creditors, including the Official Creditor Committee
  • Reveals IMF budget support will contribute to Government’s Budgetary financing starting from Dec. 
Economic

alawakelle Tea Estates (TTE PLC), a Hayleys Plantations company, has earned prestigious recognition as the sole representative from Sri Lanka to be featured in the United Nations Global Compact-Accenture Global Private Sector SDG Stocktake Report 2023. 

Economic

The Central Bank Governor Dr. Nandalal Weerasinghe on Friday said Sri Lanka utilises cash deposits held in State banks to settle a portion of bond auctions, especially if the Government deems bid yields to be in line with market rates.

Economic

ශ්‍රී ලාංකීය ටයිල් නිෂ්පාදන කර්මාන්තයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් MacksonsHoldings සමූහ ව්‍යාපාරයේ Macksons Lanka සමාගම ලොව උසස්ම මට්ටමේ ටයිල් නිෂ්පාදන පෙළක් ජාත්‍යන්තර වෙළද පළට ඉදිරිපත් කරයි. මෙලෙස Mack tile නමින් ශ්‍රී ලාංකීය සන්නාමයක් සහිත දේශිය ටයිල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළදපළට හදුන්වාදීම වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් හා ප්‍රදර්ශණයක් ඊයේ (24) කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ මැන්ඩරීන් හෝටලයේදී පැවැත්විණි.

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.