Monday, October 21, 2024
Follow Us
මෙම වර්ෂයේ පොල් ආදායමෙන් රුපියල් මිලියන 125ක් මහා භාණ්ඩාගාරයට

පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙම වර්ෂය තුළ  උපයන ලද ආදායමෙන් රුපියල් මිලියන 125ක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබේ.

ඊට අදාළ චෙක්පත ඊයේ  (29) සංකේතාත්මකව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රෝෂාන් පෙරේරා මහතා විසින් බාර දෙනු ලැබීය. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී මෙම චෙක්තපත පිරිනැමීම සිදු කරනු ලැබීය.

ඉදිරි සතිය තුළ මෙම රුපියල් මිලියන 125ක මුදල  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතන රැසක් ලාබ ලබන මට්ටමට පවතින බැවින් උපයන ආදායමෙන් කොටසක් මහා භාණ්ඩාගාරයට ලබා දීම සදහා කටයුතු කිරීම සම්බන්ධව එම සියලු කාර්ය මණ්ඩලවලට ස්තූතිවන්ත වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.