Monday, October 21, 2024
Follow Us
ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 68 කින් සම්මතයි

2024 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය වන අද (23) විවාදයට ගැණුනු ආරක්ෂක අමාත්‍යාංශය වැය ශීර්ෂය (103) වැඩි ඡන්ද 68කින් සංශෝධන රහිතව සම්මත විය.

කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව අද ප.ව 6.00 ට පමණ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 76ක් ද විපක්ෂව ඡන්ද 8ක් ද හිමි විය.