Monday, October 21, 2024
Follow Us
දේශිය සන්නාමයක් වන Mack tile ජාත්‍යන්තර වෙළදපළට පිවිසයි

ශ්‍රී ලාංකීය ටයිල් නිෂ්පාදන කර්මාන්තයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් MacksonsHoldings සමූහ ව්‍යාපාරයේ Macksons Lanka සමාගම ලොව උසස්ම මට්ටමේ ටයිල් නිෂ්පාදන පෙළක් ජාත්‍යන්තර වෙළද පළට ඉදිරිපත් කරයි. මෙලෙස Mack tile නමින් ශ්‍රී ලාංකීය සන්නාමයක් සහිත දේශිය ටයිල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළදපළට හදුන්වාදීම වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් හා ප්‍රදර්ශණයක් ඊයේ (24) කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ මැන්ඩරීන් හෝටලයේදී පැවැත්විණි.

1970 වසරේ ආරම්භ කළ Macksons Holdings සමාගම මෙරට තුළ තීන්ත, ටයිල්, දේපළ වෙළදාම්, හෝටල්, වාහන, ගොඩනැගිලි ද්‍රව්‍ය හා උපාංග, යන ක්ෂේත්‍රයන්හි ව්‍යාපාර කටයුතු වල නිරත වන සමාගම් 18 කින් සැදුම්ලත් දේශීය ව්‍යාපාර ජාලයකි.

පසුගිය වසර 2 ඇතුළත ලැබූ සීඝ්‍ර ආයතනික දියුණුවත් සමග Macksons Lanka සමාගම දේශීය වෙළදපල වෙත තම සැපයුම් ධාරිතාව සම්පූර්ණ කර ඇති අතර 85% ක්ම දේශීය අමුද්‍රව්‍ය වලින් නිපදවන Mack tile ඉතාලියෙන් ආනයනය කරන විලීන ද්‍රව්‍ය හා ඔප දැමීම් වලින් යුක්ත වේ. මේ වන විටත් සෞදි අරාබිය, ඉන්දුනීසියාව,      මාල දිවයින, නයිජීරියාව, කෙන්යාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන වෙළද පළවල් වෙත තම නිෂ්පාදන ව්‍යාප්ත කර ඇති අතර ඇමරිකාව හා ඔස්ට්‍රේලියා වෙළදපළ වෙත පිවිසීමට Mack tile සූදානමින් සිටියි.       2020 2022 කාලය තුළ රුපියල් බිලියන 16 ක් ආයෝජනය කරමින් තම නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ඇති Macksons Lanka සමාගම මෙරට විශාලම ටයිල් නිෂ්පාදකයාද වෙයි. 2011 වසරේදී ආරම්භ කළ  Macksons Lanka සමාගම සමාගම මේ වන විට දිවයින පුරා ප්‍රදර්ශණාගාර 30 ක් පවත්වාගෙන යන අතර ලබන වසරේදී තවත් ප්‍රදර්ශණාගාර 20 ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙයි.

ජාත්‍යන්තර වෙළද පළට පිවිසීම අරමුණු කර ගනිමින් ඊයේ දින ආරම්භ කළ මෙම ප්‍රදර්ශණය දින 4 ක් පැවැත්වෙන අතර, අද දින ප්‍රදර්ශණය Life style day යන තේමාවෙන් නම් කර ඇති අතර ඊයේ දිනය Inauguration Day ලෙසත් හෙට දිනය Innovation Day ලෙසත් අවසාන දිනය වන අනිද්දා Public day ලෙසත් නම් කර ඇත.

යුරෝපයේ නිෂ්පාදිත ඉහළ තත්වයේ ටයිල් වලට සමාන, තත්වයෙන් උසස්,  ඉහළ කල් පැවැත්මක් සහිත, නිර්මාණශීලී ටයිල් ජාත්‍යන්තර වෙළදපළ වෙත ඉදිරිපත් කිරීම තම ආයතනයේ අරමුණ බව Macksons Holdings සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ Mizver Makeen මහතා මෙහිදී පැවසීය.

මෙම ප්‍රදර්ශණය සදහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම,   Macksons Holdings සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ Mizver Makeen,  ජේෂ්ඨ උප සභාපතිනි නිල්රුක්ෂි ද සිල්වා,  Macksons Lanka සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ආකිල් ෆරාස්, Macksons Holdings සමාගමේ නිලධාරීන්, ව්‍යාපාරිකයින් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වුහ.