Sunday, October 20, 2024
Follow Us
Cookery

ප්‍රේමණීය හදවත් දෙකක් එකට බැඳෙන ඒ සොඳුරු දිනය කොයිතරම් නම් සුවිශේෂී ද?

Cookery

අවුරුද්දේ සිට අවුරුදු 18 දක්වා දක්වා දියවැඩියාව සෑදීමට ජානමය වශයෙන් හැකියාවක් තිබුණත් එය සෑදෙන්නේ ඇතැමෙකුට පමණි. අප ජීවත්වන පරිසරයේ ඇති ආසාදනයක්, රසායනිකයක් හෝ එවැනි කවරම හෝ හේතුවක් නිසා දියවැඩියාව සෑදේ.

Cookery

දැන් ආයෙමත් පාසල් නිවාඩුව. ලොකු අයියලා, අක්කලා අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන නිසා නංගිලා, මල්ලිලාට මාසයක පාසල් නිවාඩුවක් ලැබුණා. මේ දවස්වල විභාගය ලියන දරුවෙක් නැති බොහොමයක් නිවෙස්වල සද්ද බද්ද , කෑකෝ ගැසීම් විතරක් නෙමෙයි පුංචි පුංචි රණ්ඩු සරුවල් නැත්තෙමත් නෑ. හැබැයි ඒ මොන දේ වුණත් පුංචි වෙලාවයි. ආයෙමත් පොඩ්ඩො ටික එකට එකතු වෙනවා.

ඉතින් දවස පුරාම දඟලන මේ පැටවුන්ට වරින්වර හැදෙන පොඩි බඩගින්නට ගැළපෙන අපූරු ආහාර වර්ග කිහිපයක් තමයි අද මෙලෙස පිරිනමන්නේ. අම්මයි බබාලයි කට්ටියම එකට එකතු වෙලා හදල බලන්නකො කොහොමද ප්‍රතිචාර කියලා.

හදමුද ගී බිස්කට් (ගිතෙල් බිස්කට්)

බිස්කට් කියන්නෙ පුංචි පැටවු වඩාත්ම ආසා කරන, පොඩි බඩගින්නට වැඩිහිටියන් පවා රසවිඳින කෙටි කෑමක්. ඒ නිසාම සෑම නිවෙසකම පාහේ ඕනෙම වෙලාවක බිස්කට් කියන දේ තියෙනවා. ඉතින් අපි මේ කියන්න යන්නේ හරිම ලේසියෙන් හදාගත හැකි බිස්කට් එකක් ගැන. මේකට ගොඩාක් අමුද්‍රව්‍ය අවශ්‍ය නෑ. හරි ඉක්මනින් හදාගන්නත් පුළුවනි. පුංචි පැටවු හරිම ආසාවෙන් රසවිඳිවි.

එහෙනම් බලමුකෝ මේ ගී බිස්කට් හදන්න මොනවද ඕනේ කියලා.

* පාන්පිටි ග්‍රෑම් 200ක්

* ගිතෙල් ග්‍රෑම් 100ක්

* අයිසිං සීනි ග්‍රෑම් 100ක්

* බේකිං පවුඩර් තේ හැඳි 1/4ක්

* වියළි පලතුරු කැබැලි හෝ වියළි මිදි

ස්වල්පයක් (අවශ්‍යම නැහැ)

* මුලින්ම ගිතෙල් ටික බඳුනකට දමා ළිප තබන්න. එය යාන්තම් රත්කර දිය කරගෙන පැත්තකින් තියාගන්න.

* ඉන්පසුව පාන්පිටි ටිකට බේකිං පවුඩර් මිශ්‍රකර දෙපාරක් හළාගන්න.

* අනතුරුව හළාගත් මේ පාන්පිටි ටික අයිසිං සීනි එකට මිශ්‍ර කරන්න.

* දැන් ගිතෙල් ටික ටික දමමින් හොඳට අතින් අනාගන්න. හැබැයි මේ මිශ්‍රණය ඩෝ එකක් වගේ එන්නේ නැහැ. නමුත් හරි පදම බලන්න නම් ඔයා මේ මිශ්‍රණයෙන් ටිකක් අරගෙන බෝල හදාගන්න පුළුවනිද කියලා බලන්න. බෝල හදාගන්න පුළුවනි නම් ඒක තමා හරි පදම.

* දැන් හොඳට අනා ගත්ත මේ මිශ්‍රණයෙන් ඔයාට කැමැති ප්‍රමාණයක් අරගෙන බෝල හදලා ඒවා ටිකක් තුනී කරලා තෙල් කඩදාසියක් උඩින් තියාගන්න. (මේ බෝල හදනවිට හොඳට අතින් තද කර කර හදාගන්න. නැත්තම් අල්ලපු ගමන්ම බෝල ටික කැඩෙන්න බලයි.)

* ඊටපස්සේ ඔයා කැමැති පලතුරු කැබැල්ලක් හෝ වියළි මිදි ගෙඩියක් තියලා අලංකාර කරගන්න. මේ පලතුරු කැබැලි බිස්කට් එක උඩ රඳවන විට පරිස්සමෙන් කිරීමට වගබලාගන්න. නැත්තම් මේ බිස්කට් කැඩෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි.

* දැන් හදාගත්ත මේ බිස්කට් ටික සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයෙන් විනාඩි 20ක් බේක් කරන්න. බේක් වනවිට බිස්කට් එක උඩ මඳක් පැලිලා වාගේ ලස්සන පෙනුමක් ඒවි.

බේක් වුණු බිස්කට් ටික අවන් එකෙන් පිටතට ගත් විගස අල්ලන්න එපා. එවිට කැඩෙන්නට ඉඩ තියෙනවා. පසුව හොඳින් නිවුණු බිස්කට් ටික වීදුරු බෝතලයකට දමා සුළං නොවදින සේ වසා තබන්න. එවිට අවශ්‍ය වේලාවට පිටතට ගෙන රසවිඳිය හැකියි.

ඉදිරිපත් කිරීම - Bhagi's kitchen හි සූපවේදිනී

භාග්‍ය ගුණවර්ධන තෙන්නකෝන්

Cookery

ආදරණීය හදවත් දෙකක් එකට බැදෙන සොඳුරු විවාහ මංගල්‍ය සුන්දර දිනය ඉතාමත් අලංකාරව මෙන්ම උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරන්නයි හැමෝගෙම කැමැත්ත එහිදී විවාහ ගිවිස ගැනීම එක් දිනයකදීත්, විවාහ මංගල උත්සවය තවත් දිනකදීත් වශයෙන් සංවිධානය කරන අවස්ථාද පවතී.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය 

Cookery

ආදරණීය මිතුරියගේ උපන්දිනය කොහොම අමතක කරන්නද ?

Cookery

දිව පිනවන ස්ට්‍රෝබෙරි පුඩිම ඉමිහිරි අතුරුපසක්.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

ආදරණීය මවගේ එහෙමත් නැත්නම් ආදරණීය දියණියගේ උපන් දිනයට මලින් පිරුණු බාස්කට් එකක් පිරිනමන්න පුළුවනි නම් මොනතරම් අගෙයි ද ? හැබැයි එය නිකම්ම නිකම් මල් නෙමෙයි. රසම රස කේක් මල් බාස්කට් එකක්.28 t s

ලස්සන සීනියාස් මලින් හැඩවැඩ වූ මේ මල් බාස්කට් එකේ කේක් එක සකසාගෙන ඇත්තේ රුලං පිටි එකතුකරලා. ඒ නිසා රස වාගෙම හරිම ගුණදායකයි. එහෙම

නම් අපි මුලින්ම කේක් එක සකසන කරගනිමු.

* බටර් ග්‍රෑම් 500ක්

* රුලං පිටි ග්‍රෑම් 500ක් (රුලං පිටි ‍යොදා නොගන්නේ නම් පාන්පිටි ගන්න.)

* සීනි ග්‍රෑම් 500ක්

* වැනිලා තේ හැඳි 02ක්

* බනානා එසන්ස් බින්දු 2ක්

* බිත්තර 8ක්

* බේකින් පවුඩර් ග්‍රෑම් 25ක්

* කිරි මේස හැඳි දෙකක්

~ වියළි බඳුනක් ගෙන එයට බටර් හා සීනි දමා හොඳින් ගසාගන්න.

~ එම මිශ්‍රණයටම බිත්තර එක බැගින් එක් කරමින් ගසාගන්න.

~ එයටම වැනිලා සහ බනානා එසන්ස් එකතු කරන්න.

~ රුලං පිටි සහ බේකින් පවුඩර් හොඳින් හලා ගන්න.

~ ඉන්පසුව ගසාගත් බටර්, සීනි මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න.

නැත්නම් අඩු වේගයෙන් බීට් කරන්න.

~ එයට කිරි ටික ද එකතු කරමින් හොඳින් කලවම් කරන්න.

~ දැන් කේක් මිශ්‍රණය සමාන කොටස් තුනකට වෙන් කරන්න.

~ එක කොටසකට රතු වර්ණකයෙන් බින්දු දෙකක් සහ අනිත් කොටසට බිංදු තුනක් ලෙස එක් කරන්න. ඉතිරි කොටස ස්වාභාවික වර්ණයෙන්ම තබන්න.

~ අනතුරුව රවුම් හැඩයේ කේක් තැටි තුනක් ගෙන බේකින් පේපර් දමා සකස් කරගෙන කේක් මිශ්‍රණය පාට තුන වෙන වෙනම තැටි තුනට දමන්න.

~ දැන් සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 08ක් පමණ අවන් එක රත් කරගෙන අනතුරුව විනාඩි 25ක් බැගින් කේක් තුන බේක් කරගන්න.

~ බේක් කරගත් කේක් ටික හොඳින් නිවෙන්නට තියන්න.

ඒ අතරේ බාස්කට් එකට හැන්ඩ්ල් එකක් සාදා සවි වෙන්නට තබාගනිමු.

~ ඒ සඳහා ෆොන්ඩන්ට් අයිසිං පොඩි කොටසක් ගෙන එයට අයිවරි කලර් බිංදු කිහිපයක් එකතුකර ෆොන්ඩන්ට් එක වර්ණ ගන්වන්න.

ඉන්පසු කඹයක් ආකාරයට සකස් කරගෙන නො.18 ප්‍රමාණයේ ඝනකම් කම්බියක් වටේ එක ළඟින් ඔතන්න. කම්බිය නවා හැන්ඩ්ල් එකක් විදියට සකස්කර වියළෙන්නට තබන්න.

දැන් කේක් එක හැඩ කරගනිමු. මේ සඳහා පළමුව බටර් අයිසිං සාදා ගත යුතුය .

* බටර් ග්‍රෑම් 750ක්

* අයිසිං සීනි ග්‍රෑම් 150ක්

* වැනිලා තේ හැඳි 1/2ක්

* කිරි මේස හැඳි දෙකක්

~ මුලින්ම බඳුනකට බටර්, අයිසිං සීනි, වැනිලා, කිරි ආදිය දමා ක්‍රීම් එකක් වනතුරු බීට් කරන්න.

~ දැන් සාදාගත් මේ බටර් අයිසිං එකෙන් 3/4ක ප්‍රමාණයක් බාස්කට් වියමන, මල් සහ කොළ සඳහා වෙන් කරගන්න.

~ ඉතිරි කොටස කේක් එක සැන්ඩ්විච් කිරීමට සහ හැඩ වැඩ කිරීමට තබාගන්න.

~ දැන් නිවුණු කේක් එක උඩ සහ වටේ දුඹුරු පාට කොටස් අයින් කරන්න.

~ කේක් ටික එක මත එක තබා සැන්ඩ්විච්කර ඉන්පසුව උඩ සහ වටේ බටර් අයිසිංවලින් කවර් කරගන්න.

~ මල් සහ කොළ සඳහා වෙන් කරගත් බටර් ක්‍රීම් එකෙන් පොඩි කොටසක් කොළ සඳහා ද වෙන් කරගන්න. ඉතිරිය මල් සහ වියමන සඳහා වෙන් කරගන්න.

~ ඒ බටර් අයිසිංවලට අයිවරි වර්ණය එක්කර ස්ටාර් නොසල් එක භාවිත කරමින් කේක් එක වටා වියමන කරගන්න.

~ මල් සඳහා වර්ණ එකතුකර නො. 104 පෙට්ල් නොසල් එක උපයෝගී කරගෙන සීනියාස් මල් පෙති නිර්මාණය කරන්න.

මැදට නො.2 නොසල් එක භාවිත කරන්න. අනතුරුව සාදාගත් මල් විනාඩි 15ක් අධි ශීතකරණයේ තබා කේක් එක මත රඳවන්න.

~ කොළ වර්ණකය දමා නො. 68 නොසල් එකෙන් කොළ නිර්මාණය කරන්න.

ඉන්පසු බාස්කට් එකේ හැන්ඩ්ල් එකද රඳවා නිර්මාණය අවසන් කරගන්න.

උපදෙස් හා ඡායාරූප

ඉතාලියේ පර්මා හි

ප්‍රවීණ සූපවේදිනී

ජනනී ගුරුසිංහ

 

Thrunie 

Cookery

ආදරවන්තයින්ගේ දිනය පෙම්වතුන්ට සුවිශේෂී එකක් වුවත් එය සමරන්නේ පෙම්වතුන් පමණක්ම නොවේ. පවුලේ ආදරණීයයන් සමග වුවත් ඉතාම ළෙන්ගතු බවින් යුතුව වැලන්ටයින් දිනය හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීමට පුළුවනි. ආදරවන්තයින්ගේ දිනය රස මතකයක් බවට පත් කරගන්නට මේ අතුරුපස ඉවහල් වනවා නොඅනුමානයි.

චොකලට් මූස්

චොකලට් මූස් ඔබ ආසාවෙන් රස විඳින අතුරුපසක් වනවාට සැක නැහැ. එය ආදරවන්තයන්ගේ දිනයේ දී ඔබව තව තවත් රස ගන්වාවි.

ඩාක් කුකිං චොකලට් ග්‍රෑම් 160 ක් (පොඩියට කපාගන්න)

බිත්තර 3 ක්

සීනි ග්‍රෑම් 70 ක්

බටර් ග්‍රෑම් 50ක්

වැනිලා තේ හැඳි එකක්

* පළමුවෙන් චොකලට් ඩබල් බොයිල් කර හොඳින් දිය වූ පසු එයට බටර් ටික එකතු කර කලවම් කරගන්න.

* මද රස්නෙ දී ම වෙන්කරගත් බිත්තර කහ මඳ චොකලට් මිශ්‍රණයට එකතු කරගන්න.

* එයටම වැනිලා තේ හැන්දක් එක් කරන්න.

* පසුව වෙන්කරගත් බිත්තර සුදු මද හිම මෙන් බීට් කරගන්න.

* එයට සීනි ටිකෙන් ටික එකතුකර ගනිමින් නැවතත් බීට් කරගන්න.

* බිත්තර කහ මද එකතු කරගත් චොකලට් මිශ්‍රණය හොඳින් නිවුණු පසු එයට ගසාගත් බිත්තර සුදු මදය ද එකතුකර කලවම් කරගන්න.

* විනිවිද පෙනෙන වීදුරු භාජනයකට දමා පැය කිහිපයක් ශීතකරණයේ තබන්න.

* ස්ට්‍රෝබෙරිවලින් සරසා අමුත්තන්ට පිළිගන්වන්න.

Tarunie 

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

සෝයාමීට් චිලි පේස්ට්

Cookery

නිවාඩු පාඩුවේ කේක් කෑල්ලක් කාලා තේ කෝප්පයක් රස විඳින්න කවුද අකැමැති. පුංචි පැටවු, වැඩිහිටියෝ කියලා වෙනසක් නෑ මේ කවුරුත් කේක්වලට බොහොම කැමැතියි.

බටර්, චොකලට්, ස්ට්‍රෝබෙරි, රිබන් ආදී වශයෙන් විවිධ රසයට කේක් වර්ග බොහෝමයි. හැබැයි ගෙදර හදන උණු උණු පොල් කේක් කෑල්ලක රස මේ සියල්ලටම වඩා වැඩියි. ඒනිසා සති අන්තයේ විවේකී හැන්දෑවට පවුලේ අයත් එක්ක එකතු වෙලා මේ පොල් කේක් එකක් හදලා රස බලන්නකෝ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

* පොල් ගෙඩි එකහමාරක ගා ගත් පොල් ( ලොකු පොල් බෑ තුනක පොල් )

* පැණි බෝතල් 1/2ක්

* ලොකු බිත්තර 04ක්

* කපාගත් කජු මද ග්‍රෑම් 50ක්

* පිටි ග්‍රෑම් 200ක්

* සීනි ග්‍රෑම් 50 - 100ක්

* බේකින් පවුඩර් තේ හැඳි දෙකක්

* බේකින් සෝඩා කපාපු තේ හැඳි 01ක්

* එනසාල් සහ කරාබුනැටි කුඩු ස්වල්පයක්

* රස අනුව ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය

* සීනි ස්වල්පයක් බඳුනකට දමා ළිප තබන්න. එය රන්වන් පැහැයට හැරීගෙන එනවිට ජලය ස්වල්පයක් එකතුකර කැරමල් සාදාගන්න.

* දැන් සාදාගත් මේ කැරමල්වලට ඉතිරි සීනි ටික දමා උණු වෙන්නට හරින්න. එයටම එනසාල්, කරාබු නැටි මිශ්‍ර සුවඳ කුඩු ස්වල්පයක් සහ ලුණු අවශ්‍ය පමණට එකතු කරන්න.

* මෙය තරමක් ඝන පැණි ද්‍රාවණයක් බවට පත් වීගෙන එද්දී සිහින්ව ගා ගත් පොල් ටික ද දමා සාමාන්‍ය ආකාරයට පොල් පැණි සාදා ගන්න.

* එලෙස සාදාගත් පොල් පැණි ටිකට ඔබ මිලදී ගත් පැණිවලින් භාගයකට ටිකක් වැඩි ප්‍රමාණයක් දමා හොඳින් නිවෙන්නට තබන්න.

* දැන් බිත්තර ටික කඩා බඳුනකට දමා විස්ක් එකකින් හොඳින් ගසා ගන්න.

* පිටි ටිකට බේකිං සෝඩා සහ බේකිං පවුඩර් මිශ්‍රකර තෙවරක් හළාගන්න.

* කජු ටික සාමාන්‍ය කැබලිවලට කපාගන්න. අවශ්‍ය නම් ඇට ඉවත්කර කපා ගත් රටඉඳි ග්‍රෑම් 50කුත් මෙයට එකතු කළ හැකියි.

* දැන් හළාගත් පිටිවලට මේ කජු, රටඉඳි කැබැලි දමා මිශ්‍ර කරන්න. අනතුරුව ගසාගත් බිත්තර මිශ්‍රණයට හළාගත් පිටි ද ටික ටික දමමින් හොඳින් කලවම් කරගන්න.

* පිටි, බිත්තර, කජු ආදිය හොඳින් කලවම් වූ පසුව සාදා නිවෙන්නට තැබූ පැණි පොල් ටිකත් මෙයට දමන්න. අනතුරුව සියල්ලම හොඳින් මිශ්‍ර කරන්න.

* ඉන්පසුව මේ මිශ්‍රණය කලින් සකස් කරගත් බේකිං ට්‍රේ එකට දමා තුනී කරගන්න. ( බේකිං ට්‍රේ එකේ පතුලට පත්තර කොළ තුනක් පමණ නවා දමන්න. ඊට උඩින් තෙල් කඩදාසියක් දමා කේක් ට්‍රේ එක සාදා ගන්න.)

* දැන් සෙල්සියස් අංශක 180ට රත් කරනලද අවන් එකක දමා විනාඩි 45ක් පමණ බේක් කරගන්න.

* කේක් එක හොඳින් බේක් වූ පසුව විනාඩි කිහිපයකින් අවන් එකෙන් පිටතට ගෙන ටූත් පික් එකකින් එහි තැනින් තැන පොඩියට සිදුරු කරන්න. ඉන්පසුව ඉතුරු කරගත් පැණි ටික කේක් එක මතට වත් කරන්න.

* දැන් නැවතත් කේක් එක අවන් එක තුළට දමන්න. උඩින් වත් කළ පැණි, කේක් එකට උරාගෙන හොඳින් නිවෙන තුරුම අවන් එක ඇතුළතම තබන්න. අවන් එක නැවත ඔන් කරන්න එපා.

* කේක් එක හොඳින් නිවුණාට පසුව කෑලි කපා ආහාරයට ගත හැකියි.

උපදෙස් -

අප්ලන්ඩ් කේක් ඇන්ඩ් ඇකඩමිහි

කේක් නිර්මාණ ශිල්පිනී

චතූ රත්නායක

Tharunie 

Cookery

පොඩි බඩගින්නට හරිම ඉක්මනින් පහසුවෙන් ආහාරයට ගන්න දෙයක් තමයි පාන් කියන්නේ. බටර් හෝ ජෑම් ටිකක් ගාලා එහෙමත් නැතිනම් ටෝස්ට් කරලා කන පාන් මේ විදිහට හදලා බලන්න. පුංචි පැටවු ආසාවෙන් රස විඳීවි.

Cookery

වෙනස් රසයකින් යුතු ආහාර වේලක් රස විඳින්න කවුරුත් කැමැතියි.

Cookery

ඔබ ඔබේ නිවෙසේ හොඳම අම්මා, හොඳම බිරිය, හොඳම සූපවේදිනිය.

Cookery

උදෑසන ආහාරයක් විදිහට එහෙමත් නැත්නම් සවස තේ පානය සඳහා හරි අපූරුවට ගැළපෙන ප්‍රංශ ක්‍රෙප්ස් තමයි මේ. සාමාන්‍යයෙන් මෙවැනි කෙටි ආහාර සඳහා බිත්තර මිශ්‍ර කළත් මෙහි විශේෂත්වය තමා බිත්තර මිශ්‍ර නොකර සකසා ගැනීම.

* පාන්පිටි කෝප්පයක්

* ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පයක්

* වතුර කෝප්ප 1/2ක්

* සීනි මේස හැඳි 2 1/2ක්

* දියකරගත් බටර් හෝ තෙල් මේස හැඳි 02ක්

* වැනිලා තේ හැඳි 02ක්

* පාන් පිටි, ෆ්‍රෙෂ් මිල්ක්, ජලය, සීනි, බටර්,වැනිලා සියල්ලම බ්ලෙන්ඩර් එකකට දමා හොඳට බ්ලෙන්ඩර් කරගන්න.

* දැන් නන්ස්ටික් තැටියක් ගෙන ළිප තබා රත් කරගන්න. බටර් හෝ පොල්තෙල් ස්වල්පයක් තවරාගන්න.

* ඉන්පසුව මුලින් බ්ලෙන්ඩර්කර සාදාගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් එයට දමා හොඳින් අතුරා ක්‍රෙප්ස් සාදාගන්න.

* ක්‍රෙප්ස්වල එක් පැත්තක් රන්වන් පැහැයට හැරුණුවිට අනෙක් පැත්ත හරවා තව ටිකක් වෙලා පුච්චාගන්න. මේවා උඩ සහ යට රන්වන් පැහැයට එනතෙක් පුළුස්සා ගත්විට කර කර ගා හැපෙන ක්‍රිස්පි ක්‍රෙප්ස් අතිශයින් රසවත්. නමුත් ඔබ ක්‍රිස්පි ගතියට එතරම්ම කැමැත්තක් නොදක්වන්නේ නම් සාමාන්‍ය ප්‍රමාණයට ක්‍රෙප්ස් පුළුස්සා ගන්න.

* දැන් අපට මේ ක්‍රෙප්ස් රසවත් පුරවනයක් සමඟ හෝ දවටනයක් සමඟ කෑමට එකතු කරගත හැකියි.

* මේ ක්‍රෙප්ස් සඳහා පහසු පිරවිල්ලක් ලෙස විපිං ක්‍රීම් තවරා රසවත් පලතුරු ජෑම් ලේයර් එකක් දැමිය හැකියි.

* ඊට අමතරව මුළුතැන්ගෙයි ඇති ඕනෙම වර්ගයක් මෙහි පිරවුම ලෙස භාවිතා කරන්න පුළුවනි. බටර් අයිසිං ෆ්‍රොස්ටින් (චීස්, චොකලට්), මූස් වර්ග, අයිස්ක්‍රීම්, නුටෙල්ලා හෝ පීනට් බටර්, ඔබ කැමති පලතුරු වර්ගයක් , යෝගට්, චීස්, බටර්, ජෑම් වර්ග, මී පැණි, විවිධ සෝස් වර්ග මේ ඕනෑම වර්ගයක් සමඟ ඔබට ක්‍රෙප්ස් රස විඳිය හැකියි.

* එමෙන්ම මේ ක්‍රෙප්ස්වලින් ලස්සනට කේක් වුණත් සකසා ගන්න පුළුවනි. ඔබ කැමැති ආකාරයේ පිරවිල්ලක් සමඟ ක්‍රෙප්ස් ටික අවසාන වෙනකම්ම උසට සිටින සේ සකසා කැමැති ආකාරයට ලස්සන කරගන්න.

ඉදිරිපත් කිරීම - Bhagi's kitchen හි සූපවේදිනී

භාග්‍ය ගුණවර්ධන තෙන්නකෝන්

Tharunie 

Cookery

මුහුද කියන්නේම කොයිතරම් බලා සිටියත් එපා නොවන ස්ථානයක්. විශේෂයෙන්ම පොඩිත්තන් මුහුදට වාගේම මුහුදු රැල්ලටත් පුදුමාකාර කැමැත්තක් දක්වනවා.