Sunday, October 20, 2024
Follow Us
Cookery

මොන තරම් රස කෑම හදලා කෑවත් බත් ටිකක් කනකන් අපේ බඩට විතරක් නෙවෙයි හිතටත් සතුටක් නෑනේ නේද? ඒත් ඉතින් එකම විදියට බත් උයලා, එළවළු, වෑංජන හදාගෙන කන එකත් හැමදාම කරන්න හිතෙන දෙයක් නෙවෙයිනේ. ඉතින් මේ ඒකාකාරී කෑම වේලට වෙනසක් එකතු කරගන්න කැමැති නම් අද අපි මේ කියලා දෙන රසම රස බත් වර්ග හතර හදලා බලන්නකෝ. ඒ විතරක් නෙවෙයි නිවෙසට එන අමුත්තන්ට පිළිගන්වන්නත් මෙය කදිම ආහාර වේලක් වේවී. රස නහර පිනා යන මේ ආහාර වට්ටෝරු සකසා ඔබේ කෑම වේලටත් වෙනසක් එක්කර ගන්න.

 ෆ්‍රයිඩ් රයිස්

41 6 1

මේ කියන්න යන්නේ ෆ්‍රයිඩ් රයිස් පහසුවෙන්ම හදාගන්න පුළුවන් විදිහක් ගැනයි. ඉතිං දවසේ වැඩ නිම වී නිවෙසට එන ඔබට රාත්‍රී ආහාර වේල සඳහා මෙය ඉතා පහසුවෙන් සකසන්න පුළුවන්.

බාස්මතී හාල් කෝප්ප 1ක්

එලවළු තෙල් තේ හැඳි 2ක්

තරමක් ගහගත්තු බිත්තර 2 (කහ මද, සුදු මද හොඳට කලවම් වෙන විදිහට බීට් කරගන්න.)

සිහින්ව කපාගත්තු බේකන් තීරු 2ක්

සුද්ද කරලා හීනියට ගා ගත්තු කැරට් ගෙඩි 1ක්

හීනියට කපාගත්තු ලූනු කොළ ගස් 2ක්

අධිශීතකල ග්‍රීන්පීස් කෝප්ප 1/2ක් (මේවගේ අයිස් ඉවත්වෙන්න ටිකක් වෙලා උණු වතුරේ පොඟවලා ගන්න.)

සෝයා සෝස් මේස හැඳි 1ක්

මේ බත් එක සරසගන්න ප්‍රමාණවත් තරම් තල ඇට (තේ හැන්දක් විතර)

බත් එක සරසගන්නත් එක්ක හීනියට කපාගත්තු ලූනු කොළ මේස හැන්දක්

පිසගන්නා ආකාරය

පළමුව බාස්මතී හාල් කෝප්ප 1 ගෙන බත පිස නිවෙන්න හරින්න.

ඊට පස්සෙ බත් ටිකක් තෙම්පරාදු කරගන්න පුළුවන් තරමේ තාච්චියක් (නොන්ස්ටික්, ඒ කිවුවෙ අඩිය ඇලෙන්නෙ නැති තාච්චියක් නම් වඩා හොඳයි)

මඳ ගින්නේ තෙල් ටිකක් රත් කරගන්න.

ඊට පස්සෙ මේ රත් වෙච්ච තෙල්වලට බිත්තර එකතු කරලා, ඔම්ලට් එකක් විදිහට බැදෙන්න ඉඩ හරින්න. බිත්තර හොඳට තැම්බෙනකන් ළිපේ තබා වෙනත් භාජනයකට මාරුකරගන්න.

බිත්තර ටික ටිකක් නිවුණට පසු පොඩි තීරුවලට කපාගන්න.

දැන් තාච්චියට බේකන් ටික දාලා විනාඩි 4ක් විතර, යන්තම් රන්වන් පාට වෙනකන් බැදගන්න. දැන් කැරට් ටික එකතු කරන්න. විනාඩියක් විතර බැදෙන්න හරින්න.

දැන් ග්‍රීන්පීස් ටිකයි, බත් ටිකයි, තෙම්පරාදුවට කපාගත්තු ලූනු කොළ ටිකයි තාච්චියට එකතු කරලා විනාඩි 3-4 ක් හැඳිගගා බැදගන්න.

ඉන්පසු එයට කපාගත්ත බිත්තර තීරු සහ සෝයා සෝස් එකතු කර හොඳට කලවම් කරගන්න. ගින්දරේ තියෙද්දිමයි කලවම් කරගන්න ඕනෙ.

දැන් අන්තිමට අපි අර කලින් බත් එක සරසාගන්න කපාගත්තු ලූනු කොළ සහ තල ඇටවලින් බත් එක සරසාගෙන ඉක්මනින්ම උණු උණුවෙම පිළිගන්වන්න.

නාසි ගු රාන්

42 4 2

නාසි ගුරාන් රයිස් කියන්නේ අපි හැමෝම වගේ කන්න කැමැති කෑමක් නේ. ඉතින්  අද අපි කියන්න යන්නේ ගෙදරදීම කොහොමද නාසි ගුරන් රයිස් එකක් හදාගන්නේ කියලා. කඩෙන් කෑම ගන්නවට වඩා ගෙදරදීම හදලා රස බලන්න. ගොඩක් රසවත් වේවි.

පිසගත් බාස්මතී බත් කෝප්ප 2ක

කුඩාවට කැබලි කපාගත් කුකුළු මස් කෝප්ප 1 ½ක්

රවුමට කපාගත් දැල්ලෝ කෝප්ප ½ක් පොතු ඉවත් කර කපාගත් ඉස්සෝ කෝප්පයක්

කොටුවට කපාගත් කැරට් කෝප්ප ½ක් සිහින්ව ලියාගත් ගෝවා කෝප්ප  ½ක්

සිහින්ව කපාගත් ලූනු කොළ මේස හැඳි 2ක්

කොටුවට කපාගත් ලොකු ලූනු ගෙඩි 1ක්

කපාගත් ඉදුණු අමු මිරිස් කරල් 2ක්

ඉඟුරු සුදු ලූනු පේස්ට් තේ හැඳි 2ක්

සෝයා සෝස් සහ ෆිෂ් සෝස් ස්වල්පය බැගින් ලුණු කුඩු රස අනුව

ගම්මිරිස් කුඩු

බටර් මේස හැඳි 1ක්

බිත්තර 2ක්

චිලි පේස්ට් මේස හැඳි 1ක්

බඳුනක් ළිප තබා රත් කර බටර්, කුකුළු මස්, ඉස්සෝ සහ දැල්ලෝ එකතු කර හොඳින් බැදෙන්නට හරින්න. ඒ අතරවාරයේ එයට කැරට්, ලොකු ලූනු සහ අමු මිරිස් එකතු කරගන්න. මේ තෙම්පරාදුව මඳක් පසෙකට කර, වෙනත් බඳුනක් ළිප තබා ගසාගත් බිත්තර දෙක ඊට දමන්න. ඉන් පසු ගෝවා සහ චිලි පේස්ට් එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන බත් කෝප්ප 2 එකතු කර බැදෙන්නට ඉඩ හරින්න. අවසානයට සෝයා සෝස්, ෆිෂ් සෝස් රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු ස්වල්පය බැගින් එකතු කරගෙන බත් එක පොඩි නොවෙන ආකාරයට මිශ්‍ර කරන්න. කපාගත් ලූනු කොළ ටික උඩින් ඉස පිළිගන්වන්න. කැමැති නම් අවසානයට බුල්සයි එකක් ද එක්කර රස බලන්න.

 

මට්න් බිරියානි

43 5 3

සාමාන්‍ය බිරියානි එකට වඩා අද හදන මේ එළුමස් සහ යෝගට් එකතුකර හදන බිරියානි එක තරමක් විශේෂයයි. එළුමස් වලට ප්‍රියතාවයක් නැති කෙනෙක්ට එළුමස් වෙනුවට කුකුළු මස් යොදා ගෙන චිකන් බිරියානි හඳන්නත් පුළුවන්.

බාස්මතී සහල් ග්‍රෑම් 500ක්

එළුමස් ග්‍රෑම් 30ක්

ලොකු අර්තාපල් අල 2ක්

ලොකු ලූනු ගෙඩි 2ක්

තක්කාලි ගෙඩියක්

යෝගට් මේස හැඳි 3ක්

අමු මිරිස් කරල් 4ක්

මිංචි කොළ සහ කොත්තමල්ලි කොළ ස්වල්පයක්

බේ ලීෆ් කොළයක්, කරඳමුංගු ඇට 3-4ක් කරාබු නැටි 2ක්, ඉඟුරු සුදු ලූනූ පේස්ට් ස්වල්පයක්

කුරුඳු කැබැල්ලක්

වසාවාසි ස්වල්පයක්

මිරිස් කුඩු තේ හැඳි 1ක්, කහ කුඩු තේ හැඳි ½ක්

බිරියානි මසාලා තේ හැඳි 1ක්

ගී බටර් හෝ පොල් තෙල් වර්ගවලින් එකකින් ස්වල්පයක්

ලුණු රස අනූව

තරමක් ලොකු කැබලි කපා හොඳින් පිරිසිදු කරගත් එළුමස්වලට මිරිස් කුඩු, කහ කුඩු, මසාලා පවුඩර්, යෝගට් සහ රස අනුව ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මේ මස් ටික හොඳින් සීසන් වීම සඳහා පැයක් පමණ තිබීම අවශ්‍ය වෙනවා. ඉන් පසු ලොකු ලූනු සිහින්ව ලියා රන්වන් පැහැ වන තෙක් ගැඹුරු තෙලේ බැදගන්න. බඳුනක් ළිපේ තියා එයට ගී හෝ බටර් දමා රත් කරගන්න. එයට ඉඟුරු සුදු ලූනු පේස්ට් එක දමා මඳක් බැදෙන විට කපාගත් අමු මිරිස් සහ සීසන් කරගත් එළුමස් ටික දමා හොඳින් මිශ්‍ර කරමින් මඳ වෙලාවක් බැදගන්න. ඉන්පසු එයට බැදගත් ලොකු ලූනුවලින් අඩක්, තරමක් විශාලවට කපාගත් අර්තාපල්, තක්කාලි කැබලි, අවශ්‍ය පමණට ලූනු, කපාගත් මිංචි සහ කොත්තමල්ලි කොළ එකතු කර තවත් විනාඩි 15ක් පමණ කාලයක් පිසෙන්නට ඉඩ හරින්න. අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කරන්න. පුළුවන්කම තියෙනවා. මෙය හොඳින් තැම්බී මඳක් උකු ගතියට එනතුරු හිඳීම අවශ්‍ය වෙනවා. වෙනත් බඳුනක් ළිපේ තියා ගී එකතුකර රත්වෙන්නට ඉඩ හැර එයට කරඳමුංගු, කරාබු නැටි, වසාවාසි, කුරුඳු, බේලීෆ් සහ සෝදාගත් සහල් එක් කරගන්න. සාමාන්‍ය පමණට වඩා අඩුවෙන් වතුර යොදා බත පිසගන්න. ඉන්පසු තරමක් විශාල බඳුනක් ගෙන එහි අඩියට පිසගත් බත්, මස්, බැදගත් ලූනු, කොත්තමල්ලි සහ මිංචි කොළ  මාරුවෙන් මාරුවට තට්ටු කිහිපයක් වශයෙන් දමාගන්න. මෙහි පියන වසා තවත් විනාඩි 15ක් පමණ මඳගින්නේ තම්බාගෙන, බෙරි නොවන සේ ප්‍රවේශමෙන් කවලම් කර ආහාරයට ගන්න.

 

උපදෙස්

විධායක සූපවේදී සුජිත් ආරියරත්න

විදුමිණි දිසාකරුණා

tharunie

Cookery

බත් වෙනුවට ආහාරයට ගත හැකි මැකරෝනි, පැස්තා, ස්පැගති, නූඩ්ල්ස් වාගේ දේවල්වලට අපි කවුරුත් වැඩි රුචිකත්වයක් දක්වන්නෙමු. ඒ නිසාම බොහෝවිට විශේෂ කෑම මේසයකට බත්, මස්, මාළු, ව්‍යංජනවලට අමතරව මෙවැන්නක් එකතු කිරීමට බොහෝදෙනකු පුරුදුව සිටිති.

Cookery

රටඉඳි අච්චාරු හදන්න ඔයාලට මෙන්න මේ දේවල් අවශ්‍ය කරනවා.

Cookery

නත්තලට ම ආවේණික වන රතු, කොළ වර්ණයන්ගෙන් සැදුම්ලත් හරිම අපූරු රසකැවිල්ලක්.පෙනුම මෙහෙමනම් රස කොහොම ඇතිද?

Cookery

නත්තල් කෑම මේසයට වාගේම කෙටි ආහාරයක් ලෙසින් තේ මේසයට ද එකතු කරගත හැකි මේ ෆිෂ් බොන් බොන් හරිම රසවත්. ඒ වාගේම අපූරු සැරසිල්ලක් ලෙසින් අමුතුම කළඑළියක් ද එකතු කරාවි. ෆ්ලේකි පේස්ට්‍රියත්, තම්බාගත් මාළු, අල ආදිය මිශ්‍ර කරගෙන සකසාගන්නා නිසාම කටට රස වාගේම පෝෂණ ගුණයත් ඉහළයි. විශේෂයෙන්ම ඒකාකාරී කෑම රසය ප්‍රතික්ෂේප කරන ඔබේ පොඩිත්තන්ට වාගේම වැඩිහිටියන්ටත් මේ ෆිෂ් බොන් බොන් අපූරු තිළිණයක්ම වේවි.

Cookery

රටින් රට ආහාර සොයා යන අප දැන් පිවිසෙන්නේ ජැමෙයිකාවේ කුළුබඩු මිශ්‍රණය පිළිබඳ සොයා බැලීමටයි. කුකුළු මස් රස ගැන්වීම සඳගා යොදා ගන්නා මේ රසකාරකය ඉස්සන්, දැල්ලන් වැනි මුහුදු ආහාර රසගැන්වීම සඳහාත් යොදා ගත හැකියි. ජැමෙයිකාවේ මේ පවුඩර් මිශ්‍රණය ඔබත් සකසා බලන්න.

Cookery

නත්තල් කෑම මේසය සරසන රසකැවිල්ලක්

Cookery

සවස් කාලයේ තේ සාදය රසවත් කරන්නට කදිමට ගැළපෙන්නකි මේ සොසේජස් චීස් රිංග්. කටට රසට හැපෙන සොසේජස් සහ චීස් මනාව ගළපමින් සකසනා නිසාම පුංචි පැටවුන් ආසාවෙන් රස විඳීවි. පොඩිත්තන් සේම තරුණ, වැඩිහිටි කොයි කවුරුත් කැමැතිවන මේ කෙටි ආහාරය උණු උණුවේම සකසා ගත් විට ඉතා අපූරුය.

Cookery

විව්ධ රසට කුකුළු මස් රස බලන්න කැමැති ඔබට පිරවූ චිකන් වින්ග්ස් වෙනස්ම රසයක් එක් කරාවි. චිකන් වින්ග්ස් හොඳි වර්ග වල වුව ද දවටා රස බැලිය හැකිය. අඹ චට්නි හොඳි ඒ සඳහා හොඳින් ගැලපේ.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

බී ලූනු කියන්නේ ඕනෑම නිවෙසක පහසුවෙන් සොයා ගන්න පුළුවන් දෙයක්. ඒ විතරක් නෙමෙයි බී ලූනුවල අපේ ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග රාශියක් අන්තර්ගත වෙලා තිබෙනවා. විටමින් b, c සහ k එහි අඩංගුයි. ඒ වගේමයි හුඟක් අය දන්නේ නැහැ මේ බී ලූනුවලින් මිනිස් සිරුරේ ලේ කැටි ගැසීම වළක්වන බව,රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පහත දමන්නට හැකි බව.

Cookery

පැණි රසැති කේක් රස බලා ඇති ඔබට තායි ෆිෂ් කේක් නුහුරු නුපුරුදු වුවත් රසින් ඉහළයි. තරමක සැර ගතියකින් යුතු මේ කේක් වර්ගය උදෑසන ආහාරයට වගේම සවස තේ වෙලාවටත් කදිමයි.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

උත්සව සමයට මස් මාළුවලින් සාදන අච්චාරුවලට වැඩි ඉල්ලුමක් තිබෙනවා. කල්තබා ගන්න වුණත් හැකියි. ගෙදර තියෙන පුංචි පුංචි සාදයකට වුවත් මෙන්න මේ ආකාරයේ ඌරු මස් අච්චාරුවක් සාද ගත්තොත් එහි රස විඳිය හැකියි. ඇණවුම් කර නි‍ෙවසට ගෙන්වා ගන්නවට වඩා තමන්ගේම නිවෙසේ මෙවැනි අච්චාරුවක් සාදා ගත්තොත් එහි පිරිසුදුබව රසය දෙගුණ තෙගුණ කර ගත හැකියි.

Cookery

පාන්වල මිල ගණනුත් වැඩි නිසා නිවෙසේදීම සකසා ගත්තොත් ඔබේ මුදල් පසුම්බියටත් පහසුවක් වේවී. කෙසෙල් එකතුක සකසන මේ විශේෂිත පාන් වර්ගය ඉතාම රසවත් නිසා ව්‍යංජන, බටර්, ජෑම් වැනි අතිරේක ආහාර රහිතව වුවද රස බැලිය හැකියි.

Cookery

නත්තලේ අසිරි සිරිය කෑම මේසයට රැගෙන එන චිකන් හැම් රැප් නත්තල් ගසකි මේ. සවස තේ මේසයට සේම රාත්‍රී ආහාරය සඳහා වුවද සකසා ගත හැකි රැප් වර්තමානයේ තරුණ පිරිස බෙහෙවින්ම ප්‍රිය කරනා ආහාරයකි. මස්, මාළු, සැමන්, එළවළු මේ ඕනෑම රසයකට රැප් පිළියෙල කරන අතර මේ නත්තල උදෙසාම නත්තල් ගසක හැඩය එන පරිද්දෙන් සරසා ගත්තකි.

Cookery

සුදුලූනු අච්චාරු කියන්නේ

Cookery

ලෝකයේ විවිධ ආහාර රටා අතර විවිධ රස සොයන රසවතුන් සොයන වෙනස්ම ක්‍රමයේ ආහාර සංස්කෘතීන් විටින් විට අපට මුණගැසේ. පසුගිය සතියේ ‘ප්‍රණීත’ හරහා දේශීය ආහාර වේලක රස පහස විඳි අපි අද සූදානම් වෙන්නේ විවිධ රටවල අත්හදා බැලූ නමුත් ශ්‍රී ලංකාවේ අඩු වියදමින් සකසා ගත හැකි ආහාර වර්ග කිහිපයක් පිළිබඳයි.