හිරි පොද වැස්සට තෙමෙන මලක හැඩ
බලන්න ඉස්සර වගෙ මට නැහැ ඉඩ
පොඩි පුතු හිනැහෙන විට මගෙ හිත උඩ
මල් මොකටද මට හිතෙනව විඩ විඩ
වැස්සට ඉහිරෙන අඹ මල් මැද්දේ
පිල ළඟ අඹ ගහ තාලෙට පැද්දේ
බට්ටිච්චෝ උඹ නැතුවට සද්දේ
අඩුවක් නැහැ අපෙ ගේ හරි සද්දේ
ඇහැරෙන ලා හිරු රන් වන් පාටයි
ඉගිලෙන විට කොක් තටු සුදු පාටයි
හබරණ ආතගෙ කට රතු පාටයි
කියවන විට පුතු හරි දඟ පාටයි
බින්කුන්ඩෝ උඹ ටිකකට හිටපන්
අපට පෙනෙන්නට වටයක් නටපන්
කුහූ කියා කොවුලෝ ගී කියපන්
මදිනම් තව මල් වැස්සක් වැහැපන්
කොඳ මල මුදුනේ මී මැසි සාදෙට
රොන් කෙමියේ පැණි පිරෙන කලාවට
මගෙ හිත පුරවන ටිකිරි හිනාවට
පණ දෙමි මම දිවි තියෙන තුරාවට
© Kalani Ruwanpathirana
ජීවිතේ මහ හීන ගොන්නක්
හිනාවීගෙන අත දරන්
ආදරේ මහ සාගරේ සේ
පපුව මැද්දේ හිර කරන්
පේවෙලා අතිනත් අරන් ගිය
දීගයේ රස තැන් සොයන්
අමාවක දා අහස පීරා
සෙව්වෙ සඳ හිත මත් කරන්..
අයිතිය ප්‍රේමයක්
කරගත් මිනිසුන්ද,
ප්‍රේමය
අයිති කරගත් මිනිසුන්ද,
අයිතියට පමණක්
ප්‍රේම කරන මිනිසුන්ද,
ප්‍රේමයට පමණක්
අයිතිය කියන මිනිසුන්ද,
ප්‍රේමයක් නැතිවම
අයිතිය කියන මිනිසුන්ද,
අතර
මම
නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි...!
මල්ෂා නිශාන්තිනි
තෙල් ඇති තුරා ඇවිලෙන එක තිරයක් ය
පින් මදි වෙද්දි එන මරණය සුළඟක් ය
පව් පළ දෙන්න යන්නේ එක ක්‍ෂණයක් ය
සසරේ නවාතැන් නම් සිය දහක් ඇත
ටික කාලෙකට හමු වෙන සගයිනුත් වෙත
එනමුත් ගමන යන්නේ තනිවමයි පුත
"මම" යැයි "මගේ" යැයි මට කිසි දෙයක් නැත
නිවි නිවි යළිත් දැල්වෙන ජීවිත පහන
වැටි වැටි යන්ට දඟලන සසරේ ගමන
අර ගෙන යන්න ඇත්තේ කළ පින පමණ
යළි නොහැරෙන්ට යා යුතු ගමනකි "නිවන"
© Kalani Ruwanpathirana
අතීතේ ඉස්සරම දවසක මතක අහුලා හදවතේ
එකින් එක පිළිවෙලට අහුරා නිධන් කර තැබුවෙමි හිතේ
එදා වගෙ ලස්සනම හවසක, අදත් ඉපැරණි මාවතේ
මඳක් නැවතී ගිමන් හැරියෙමි මතක ලිහමින් ජීවිතේ
අපේ දුක සැප අසා සිටි, පටු මගේ අන්තිම බංකුවේ
ඉඳන් ඔබ හා තාලෙ ඇල්ලුවෙ නුඹේ ආසම සින්දුවේ
දෑත් පටලා ගියා මතකයි ඈත පෙනෙනා වංගුවේ
එදා අන්තිම පැයේවත් නෑ පුරුදු සිනහව හැංගුවේ
අඳුරු නුබ ගැබ දකින විට මට නුඹේ තරු ඇස් සිහි වුණා
විදුලි එළි වැට නිවෙන තරමට එදා ඔය ඇස් ඇවිලුණා
මගේ හදවත නැවත නැවතම කිනිසි තුඩකින් පෑරුණා
මතක මිටියම මටත් නොදැනිම සරත් සුළගට මුසු වුණා
@Kalani Ruwanpathirana
_____________________________________________
ආයේ ඉපදී වරෙන් ළඟටම
හුඟක් උන් කියනවා ඇහුනා...
ඉස්සර වගේම තාමත් සඳ මෝරණවා
සිංහ ගිරට වැඩියෙන් හදවත දනවා
නුඹ ගැන මතක මානෙල් වල ලියවෙනවා
මා පෙම් කුමරුනේ මට නුඹ සිහිවෙනවා ....
Patience visited me
And it reminded me
That good things take time to come to fruition
And grow slowly with stability
ගුරුතුමිය තමාට දඩුවම් කලැයි.පුතෙක් තාත්තෙක්ට ගෙදර ගිහින් කියලා .ඒක අහපු තාත්තා පුතාට මෙහෙම කියනවා........?????
Page 16 of 41