Sunday, October 20, 2024
Follow Us
ගිහින් එන්න හැකි විගසම

මගහැරිච්ච තැන් බොහොමයි යන්නට සිටි විට

මගහැරිච්ච අය බොහොමයි බලන්න යන්නට

පෙරුම්පුරලා බලන්ඉද්දි ගිහිල්ලා එන්නට

නොකියම ඇස්වහන් ගිහින් කලින්ම යන්නට.....

ගලපු කදුළුළු පමණීණී දන්නෙ හිතේ තිබුණණ දුක

තෑගිබෝග දුක්වෙනවා පැත්තක ඉදගෙන

නිවාඩුවක් අරන් බලන් යන්න හිටියෙ හෙට

එක දවසක් ඉන්න බැරුව ඇයි ගියෙ නොකියම......

බලන් ඉන්න ඇති දවසම එනවා කිව්ව දිනේ

කියන්න දේවල් ගොඩකුත් තියෙන්න ඇති හිතේ

එකතුවීලා ගෙව් කාලය සිහියට එන්නැති

සුන්දර තැන් හිතේ මවන් සතුටෙන් ඉන්නැති.......

මගහැරෙද්දි දවස දවස යන්නට සිටි දින

නොදැනිම වයසට යනබව සිතෙන්නෙ නැතිවිට

හදිසියෙ එන කරදරමත් සිදුවෙයි නොසිතම

අවසානයෙ යන්න උනේ නොසිතපු මරනෙට.....

-මල්කාන්ති ගාල්ලගේ