Sunday, October 20, 2024
Follow Us
මනුස්සයෙක් බලාගෙන ඉන්නේ

ඔයා දිහා හොරෙන් බලන් ඉන්න වේලාවට

මගේ හිතට මහ අමුතු අමුතු දේවල් හිතෙන්න පටන් ගන්නවා

ඒක අදද ඊයේක මට වෙන කතාවක් නෙවේ

ඔයාව මට ලැබුණ දවසේ සිට

මට ආදරණියව හිතෙන දෙයක්..

ඇයි ඔයා මගේ ජිවිතේට ආවේ

ඇයි ඔයා මම වගේ කෙනෙක්ව තෝරගත්තේ

ඇයි ඔයා මගේ ලගම නතර වුනේ

ඔය ප්‍රශ්න ඔක්කොටම වඩා

මගේ හිතේ තියෙන්නේ

ඔයා මටම ජිවිතෙන් දෙන්න තිරණය කලේ ඇයි කියල

මොකද දන්නවද....

මම ඔයාට සත්තකින්ම

මගේ හුස්ම තරමටම ආදරෙයි...

මම ඔයාව සත්තකින්ම

මට පුලුවන් උපරිමෙන්ම

මම ඔයාව රැකගන්නවා...

මම ඔයාව සත්තකින්ම

මට පුලුවන් උපරිමෙන්ම

සතුටින් තියනවා....

මේවා පොරොන්දු නෙවේ

මම සත්තකින්ම කරන දේවල්...

මම ඔයාට කතාවක් කියන්නම්

පිලිගැනිම පිලිනොගැනිම ඔයාට බාරයි...

ජිවිතේ තමන්ගේ ප්‍රථම ප්‍රේමය වෙනුවෙන්

මනුස්සයෙක් බලාගෙන ඉන්නේ

තමන්ට ජිවිත ගමනේ උරුමම ආදරය ලැබෙනකන් විතරයි

හරියටම ඔයා මට ලැබෙනකන්

මමත් හිතන් උන්නෙ මගේ සමහර ආදර කතා

මගේ ආදරණියම කතාව වෙන්න ඇති කියල තමා

සත්තකින්ම...

සඳු ✍️