Sunday, October 20, 2024
Follow Us
මගේ ආදරණියම හීනය

ජීවිතේ තමන්ව ලස්සන තියන කෙනෙක්

හොයාගන්න දැන් අමාරුයි...

ඊටත් වඩා ජිවිතේ ලස්සන පාට කරන කෙනෙක්

හොයාගන්න තවත් අමාරුයි...

ජිවිතේට පාර කියන්න පුලුවන් කෙනෙක්

හොයාගන්න තවත් අමාරුයි...

මට  වේලාවකට හිතෙනවා

ඔයාව මට ලැබුනේ මගේ වාසනාවට කියල...

නෑ මම වැරදි කියල මට තවත් වේලාවකට හිතෙනවා..

මට ඔයාව හම්බවුනේ

මගෙයි ඔයාගෙයි සංසාර පුරුද්දට...

අද ජිවිතයක් අස්සේ ආදරය හොයපු මිනිස්සුම

ජිවිතය අපායක් කරන ලෝකයක..

ඔයාට මාව ලැබුණු එක කොහොම දැනුනත්

මට ඔයාව ලැබුණු එක මට දැනෙන්නේ

ජිවිතේ මම ලබපු ආදරණියම දෙයක් විදිහට...

ජිවිතේට බැඳිම් කියන දේ අල්ප වෙන තරමට

ජිවිතේ හරි ලස්සනයි...ඒත්...

ජිවිතේ අල්ප බැඳිම් අස්සේ සංසාර ගමන පුරාවටම

ඔයා ඉන්න එක මට මහමෙරයි...

ඔයාව පතන්නේ

ඔයාව ආදරෙන් රකින්න විතරක් නෙවේ

සංසාර ගමන පුරාවටම

මම එක්ක ආදරෙන්ම ගමනක් යන්න...

චුටි රණ්ඩු තියෙන ආදර කතාවක

ඔයාගේ ජිවිතේ හරි ලස්සනට පාට කරන්නයි

මට ඕන...

ඒක තමා

මගේ ආදරණියම හීනය....

සඳු