Sunday, October 20, 2024
Follow Us
හීන අහුලන දෑස් පෙති මත

හීන අහුලන දෑස් පෙති මත

     තියාගෙන ඔය පපු කැනැත්ත...

හිමින් සීරුවෙ රහට ඉඹපන්   

     රත්‍තරන් මගෙ තොල් දෙපැත්ත..

ඇහැකි තරමට තදින් රැකපන්  

    සසරෙ එන මේ පෙම් පුරුද්ද...

උඹයි රංකඳ මගේ උයනම

   හැඩ කරන රතු මල් කිනිත්ත.....

තාලයක් තොල් අගින් මිමිණෙන

   කිසිම තැනකදී රළු නැතී..

වාරයක් තව වාරයක් මං

   උඹම පතනවා එති එතී....

ආලයක් මේ තරම් පපුවක්

   නිවන හැටි මං දන් නැතී...

භාරයක් උඹ රත්තරන් මට

  ඉටු වුණොත් ඒකම ඇතී...

ලකුණු තියපන් දෙකම්මුල් වල  

  ආල මල් වැහි තව වහින්න...

කරුණු නෑ මට උඹේ ළඟදී

   තාල තිය තිය දුක වයන්න...

බිඳුණු පසු පෙම් නහර පපුවෙන්

  බැරිම හින්දා යලි හදන්න..

ගැහැනු කැමතිම පිරිම් ජාතිය

  බදාගෙන පෙම් කර නිවන්න...

අයිති උනොතින් අපිට අපෙ හිත්

   තදින් අල්ලන් ලංවෙමූ...

හඳපානේ ,තරු එළියේ ඕසෙට

  ඇස් පියාගෙන නැළවෙමූ...

ඇහැකි තරමක් නොගැලවෙන්නම

   හදින් හද අපි ඇලවෙමූ....

ඒත්,,,දෛවයෙන්,,

"""""රත්තරන් අපි දෙපැති කෙරුවොත්

         වෛර නොකරම වෙන්වෙමූ"""....

නැතිවීම , වෙන්වීම ඔය දෙකෙන් පසුවත්..

පහ  වෙන්න ඕනමයි හදවතේ කහටත්...

රත්තරන් දන්නවද ? විඳින්නට හුස්මක්...

ප්‍රේමයට අවැසි නෑ හිමි අහිමි කොහොමත්...

 

 

තාරිකා ලක්මාලී

Page සමනලි