Sunday, October 20, 2024
Follow Us
Political

මේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ අපේ රටට අනාගතයක් නැහැ .පාසල් අධ්‍යාපනය තුළ තොරතුරු තාක්ෂණ විෂය පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වාම ඉගැන්විය යුතුයි. රටේ පවතින 10126ක් වන සියලුම පාසල් සුහුරු පාසල් බවට පත් කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරන්න මා සූදානම්" යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින හෝමාගම පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය.

Political

මෙරට ආර්ථිකය සඳහා විශාල දායකත්වයක් සපයන සුළු පරිමාණ, මධ්‍ය හා මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන් හා ක්ෂේත්‍රයේ  නියුතු අනිකුත් පාර්ශවයන් ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ හා  පහසුකම් සලසා දෙන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

Political

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Political

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්ද 42 කින් පරාජයට පත්විය.

Political
  • පාලම් 162ක් ලබන අගෝස්තු මාසයට පෙර ජනතා අයිතියට – පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් ලබාදුන් පොරොන්දුවලින් අති බහුතරයක් මේ වන විටත් ඉටුකර අවසන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

Political

ස්වයං තීරණයක් මඟින් සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහබැංකුවේ ඉහළ නිලධාරීන්ට ඊයේ (05) ‍පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී දැඩි අප්‍රසාදය පළ විය.

Political

කුමන ආකාරයේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිදු පසුබෑමකට ලක් නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Political

වී.අයි. ලෙනින් කියූ සේ සියවස් ගණනාවක් වෙනුවෙන් රට හැදීම සඳහා වැඩ කරන දශකය ගෙවෙමින් පවතින බවත් වේගයෙන් ඉදිරියට යන්නේ නම් 2048ට පෙර රට ණය බරින් නිදහස් වීම අනිවාර්ය බවත් කම්කරු හා විදේශ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (16) පොළොන්නරුවේදී පැවසීය.

Political
  • රටේ පිබිදෙන ආර්ථිකයේ ප්‍රතිලාභ ඉදිරියේ දී තව තවත් ජනතාවට ලබා දෙනවා.
  • සියලු කටයුතු ක්‍රියාවට නංවා ඇත්තේ ක්‍රමානුකූලව විද්‍යාත්මක සැලැස්මකට අනුවයි.
  • මම කිසිදා බලය වෙනුවෙන් අසත්‍ය ප්‍රකාශ කළේ නැහැ.
  • අද මම වෙහෙසෙන්නේ බලය ලබා ගැනීමට නොව, රට යළි ගොඩනැඟීමටයි.
  • බලය වෙනුවෙන් සිහින මවන දේශපාලනඥයන් මහ පොළොවේ යථාර්ථය අමතක කරලා.
  • අද සැනසුම් සුසුම් හෙළන්නේ මරණයක් සුසාන භූමියට ගෙන යාමට වාහනේට තෙල් ටිකක් ගහගන්න බැරුව හිටපු, දරුවෙක් අසනීප වූ විට පැරසිටමෝල් පෙත්තක් සොයා මහ රෑ ගෙයින් ගෙට ගිය ජාතියක්.
  • රජයේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය අණපනත් සහ නීතිරීති පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නවා.
  • ආර්ථික ප්‍රතිසංස්කරණ පනත ළඟදීම පාර්ලිමේන්තුවට- ජනපති පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කරමින් පවසයි.
Political

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව තෙදින විවාදයක් ලෙස ලබන 21 වැනිදාත් විවාද කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වෙයි

  • 22 වැනි සිකුරාදා ප.ව 12.30 සිට විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාව අනුව ‘වී අස්වැන්න අලෙවිකර ගැනීම ඇතුළුව ගොවීන් මුහුණ දෙන අනෙකුත් ගැටලු’ සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් තීරණයක 
Political

රටේ ආර්ථිකය පිළිබඳ සත්‍යය අවබෝධ කර නොගෙන, බලය අත් කරගැනීම වෙනුවෙන් කලින් කලට දුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක් වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Political

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් රජයේ විවිධ උසස් නිලතල හොබවන නිලධාරින් සම්බන්ධව කිසිදු පදනමකින් තොරව සහ තහවුරු කළ නොහැකි කරුණු මත තම පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් ඔවුන්ගේ රාජකාරි තීරණ සහ කටයුතු දෝෂ දර්ශනයට ලක් කරමින් මෙම උත්තරීතර සභාව තුළ විවිධ අවස්ථාවලදී විවේචනය කිරීමේ ප්‍රවණතාවයක් මෑතක සිට වර්ධනය වෙමින් පවතින බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) මන්ත්‍රීවරයන්ගේ අවධානයට යොමු කළේය. 

Political

පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

Political

උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

Political

එස්. සී. මුතුකුමාරණ මහතා  නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (05) දිවුරුම් දුන්නේය.

Political

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා තමන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව පැවසීය.

Political

වසර හැට හයකට පසුව පුථම වරට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා සේවක ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ පසුගියදා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් නාවලපිටිය ඩිපෝව නිරීක්ෂණයෙන් අනතුරුව  සේවකයින් සමග සුහද පිළිසදරකට එක් වෙමිණි. 

Political

කතානායකවරයාට එරෙහිව අත්සන් කෙරුණු   විශ්වාස භංග යෝජනාව ලබන 5 වැනිදා බාරදීමට නියමිත බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.