Sunday, October 20, 2024
Follow Us
ඩයනා ගමගේට විදෙස් ගමන් තහනමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළේය.

අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ එම නියෝගය නිකුත් කරනු ලැබීය.

එම නියෝගය පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසත් නියෝග කෙරුණි.

Aruna