ඖෂධ නියාමන අධිකාරිය තුළ පසුගිය වකවානුවේදී සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශන නිසි පරිදි සිදුවන බවත් නැවත එවැනි වංචා දූෂණ ඇතිවීම වැළැක්වීම මෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්ය විධිමත් හා කඩිනම් කිරීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඖෂධ නියාමන අධිකාරිය තුළ පසුගිය වකවානුවේදී සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් දැනට සිදුකරන අභ්‍යන්තර විමර්ශන අවසන් වීමෙන් පසුව අදාළ විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඖෂධවල තත්ත්වය හා ගුණාත්මක භාවය අතිශය වැදගත් බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව ඖෂධ පරික්ෂා කිරීමේ විද්‍යාගාරයක් ඉදිකරන බවද ඇමතිවරයා පැවසීය.
ඉදිරි වසර තුන ඇතුළත මෙම විද්‍යාගාරය ඉදිකර අවසන් කරන අතර ඒ සඳහා ඉඩමක් පවා මේවනවිට වෙන්කර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.