Sunday, October 20, 2024
Follow Us
Political

අනුර කුමාර දිසා­නා­ය­කට භයා­නක, කිලිටි අතී­ත­යක් තිබෙන බව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රීනි හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය පැව­සු­වාය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වූ උද්දික ප්‍රේමරත්න කැනඩාවට ගොස් එරට රජයෙන් දේශපාලන රැකවරණය ඉල්ලා තිබේ.

Political

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (24)  හමු විය.

Political
  • මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරනවා.
  • තරුණ පරපුර කෘෂි කර්මාන්තයට ‍යොමු කිරීමට  ‘ස්මාර්ට් ඇග්‍රිකල්චර්’ හඳුන්වා දීමට පියවර.

යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බෝග අපනයනය ඉලක්ක කර ගත් තරගකාරී කෘෂි කර්මාන්තයක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරන බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතාගේ ආරාධනයකට අනුව තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලමැටියාව ග්‍රාමයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවට අද (02) සහභාගී වූ අවස්ථාවේ දීය .

තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අක්කර 9000ක පමණ  වී වගාව සිදු කර ඇති අතර ගලමැටියාව ග්‍රාම  නිලධාරී වසමේ පමණක් මහ කන්නයේදී අක්කර 672 ක් වගා කොට ඇත.

ජනාධිපතිවරයාගේ පැමිණීමත්  සමඟ පක්ෂ, පාට බේදයකින් තොරව එහි රැස්වූ ප්‍රදේශවාසී ජනතාව ඔවුන් මුහුණ දෙන විවිධ ගැටළු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළහ. එම  ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා  ඒ අවස්ථාවේදීම  අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

ප්‍රදේශයේ  ගොවි ජනතාව  මුහුණ දී සිටින  ප්‍රධාන ගැටළු ලෙස කන්න දෙකම වගා කිරීමට ප්‍රමාණවත් ජලය ලබා ගැනීම සඳහා ඇල මාර්ගයක් සහ වගාබිම් ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් අලි වැටක් ඉදි කර දෙන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ වගා කටයුතු සඳහා ප්‍රමාණවත් ජලය ලබා ගැනීමට වෙන්ඩ්‍රාසන් වැවේ සිට පුලියුතුකුලම් වැව දක්වා වන වැව් නවයම පෝෂණය වන පරිදි ඇල මාර්ගයක් ඉදි කිරීමට  අවශ්‍ය මූලික අධ්‍යයනය සිදු කිරීමෙන් අනතුරුව කෘෂි කර්මාන්තයේ අවශ්‍යතාව මත පදනම්ව එය ඉදි කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය කටයුතු කරන බවයි.

එසේම අලි වැට ඉදිකිරීම් කටයුතු ආරම්භ වන තුරු, තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 94 ප්‍රදේශයේ සිට පාලම් පටාර් දක්වා කඩිනමින් වීථි ලාම්පු ස්ථාපිත කරන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මීට අමතරව ගොවි පවුල් සඳහා සින්නක්කර ඔප්පු ලබා දීම, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ තරුණ කෘෂි ව්‍යවසායකයින්ට ඉඩම් ලබා දීම සහ කිරි ගොවීන් සඳහා තෘණ භූමියකට ප්‍රමාණවත් භූමි භාගයක් වෙන් කිරීම යන කරුණු පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය. එම ඉල්ලීම්  සඳහා කඩිනමින් සාධනීය විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂ වැඩසටහනක් අපට තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අමතරව ඉන්දියාවේ සිට නල මාර්ගයෙන් ඉන්ධන සැපයීමේ සැලසුමක් ද තිබෙනවා.

සංචාරක ව්‍යාපාරයට අමතරව රැකියා අවස්ථා පුළුල් කරමින් ආයෝජන කලාපයක් ඇති කිරීමටද සැලසුම් කර තිබෙනවා. ත්‍රිකුණාමල වරාය නැගෙනහිර තිබෙන ප්‍රධාන වරායක් ලෙස දියුණු කරමින් දකුණු ඉන්දියාවේ නිෂ්පාදන ඒ හරහා හුවමාරු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන් මඟින්  මුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයම සංවර්ධනය වෙනවා.

ඒ වගේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තය , සත්ව පාලනය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීමට අප කටයුතු කරනවා. අප අද මෙහි පැමිණියේද ප්‍රදේශයේ කෘෂි කර්මාන්තය දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අදහසක් ලබා ගැනීමටයි. ඒ සම්බන්ධ‍ව ඔබ මුහුණ දී සිටින ගැටළු පිළිබඳව දැන ගැනීමට ලැබුණා. ඊට අදාළ වාර්තා ලබා දෙන ලෙස මම ආණඩුකාරවරයාට සහ ඔබ ප්‍රදේශයේ  මන්ත්‍රීවරයාට උපදෙස්  ලබා දුන්නා. මෙම  සංවර්ධන වැඩ කටයුතු  2025 වන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

කෘෂි කර්මාන්තය දියුණු කළ යුතුයි. එහිදී ඉතා තරකාරී කෘෂි කර්මාන්තයක් ඇති කිරීමට අවශ්‍යයයි. කුඩා වැව් ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගැනීම සඳහා ගොවි ජනතාවට අවස්ථාව ලබා දිය යුතුයි. ඒ වගේම බෝග වගාවන් සහ අස්වනු පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා ගොවි ජන සේවා මධ්‍යස්ථාන,  කෘෂි නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කර රජය සහ පුද්ගලික අංශද සහභාගී කර ‍ගැනීමට බලාපොරොත්තු වෙනවා.

දැනට අත්හදා බැලීම් ලෙස සෑම දිස්ත්‍රික්කයකින්ම එක් ගොවි ජන සේවා මධ්‍යස්ථානය බැගින් මධ්‍යස්ථාන  25 ක්  තෝරා ගෙන තිබෙනවා.ඒ වෙනුවෙන් ඇමෙරිකාවේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙන් ආධාර ලැබෙනවා.

ඉන්දියාව තාක්ෂණ සහාය ලබා දී තිබෙනවා.

වත්මන් තරුණ පරපුර උනන්දු වන්නේ  ‘ස්මාර්ට් ඇග්‍රිකල්චර්’ වෙතයි. අක්කර දෙකක් දුන් පමණින් ඔවුන් කෘෂි කර්මාන්තයට යොමු වෙන්නේ නැහැ. එබැවින් නව තාක්ෂණය රැගත් ‘ස්මාර්ට් ඇග්‍රිකල්චර්’ සමඟ  ඔවුන් වෙත යොමු විය යුතුයි.

පැරණි රජ සමයේ මෙන් මෙරට බෝග අපනයනය කරන මට්ටමට අප පැමිණිය යුතුයි. නිදහස ලැබීමෙන් පසුව අපනයනය කෙරෙහි අප ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැහැ. දැන් අප එය ආරම්භ කළ යුතුයි. අප මෙරට දියත් කරන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරනවා. මීළඟ මාස කිහිපයේදී ඒ වෙනුවෙන් සැලසුම් සකස් කරනවා. මිරිදිය මත්ස්‍ය සහ සංචාරක ව්‍යාපාරය කෙරෙහිද මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබා දීමේ ‘උරුමය’ වැඩසටහනද  අප ආරම්භ කර තිබෙනවා. එය කොටස් තුනක් යටතේ ක්‍රියාවට නැ‍ඟෙනවා. ඒ අනුව  මෙම  වසරේදී ආරවුල් නැති, මැනුම් කටයුතු සිදු කර ඇති ස්වර්ණ භූමි, ජයභූමි වැනි බලපත්‍රලාභීන්ට පළමුව  සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දෙනවා. ඒ අතර මැනුම් කටයුතු සිදු කිරීමට තිබෙන ඉඩම්වල මැනුම් කටයුතු ආරම්භ කරනවා. ඉඩම් සම්බන්ධව පවතින ආරවුල් විසඳීමටද කටයුතු සලස්වනවා. කෙසේ වුවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් දිනකට ඔප්පු 500-1000 ක් ප්‍රමාණයක්වත් ලබා දීමට අප උපදෙස් දී තිබෙනවා.

පූජ්‍ය අක්කරගම විමලජෝති හිමි, නැගෙනහිර පළාත්  ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්. එම්. පී. එස් රත්නායක,  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් චමින්ද හෙට්ටිආරච්චි, නැගෙනහිර  පළාත් පාලන කොමසාරිස් එන්. මනිවන්නන්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් එස්.  පාර්තිපන්, තඹලගමුව ප්‍රාදේශීය ලේකම් ජේ.ශ්‍රීපති  යන මහත්ම මහත්මීන්, නැගෙනහිර පළාතේ රේඛීය ආයතන නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයන්, ප්‍රදේශයේ ගොවි ජනතාව ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Political

අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Political

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වතු ජනතාව සහ එම දරුවන් පාඩම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබලා විනය පියවර ගැනීමට උපදෙස් දී ඇතැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී පිහිටුවීමට පියවර ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

Political
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්, අනුරාධපුර දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්රී උද්දික ප්රේමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ නියෝජ්ය මහලේකම් චමින්ද කුලරත්න මහතා වෙත අද (27) භාර දී තිබේ.
Political

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

Political

රටට බත සපයන  ගොවි ජනතාවගෙන් ජල බද්දක් අයකිරීමට රජයේ කිසිදු  අපේක්ෂාවක් නොමැති බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  අවධාරණය  කරයි.

Political

කඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දෛනික වැටුපට සීමා නොකළ යුතු බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා නිවාස, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා යටිතල පහසුකම් යන සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතු බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

Political

කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Political
  • ඩිජිටල් ආර්ථික සමුළුව ජූලි මස අවසානයේ ශ්‍රී ලංකාවේදී – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්.

ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට කටයුතු කරන බවත් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

Political

මේ රට ගොඩ නැඟීමට සත්භාවයෙන් මැදිහත් වන මිනිස් සමූහයකගේ ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Political

පාර්ලිමේන්තුව විසින් 2024 පෙබරවාරි 09 දින සම්මත කරන ලද යෝජනා අනුව නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා, පහත සඳහන් කාරක සභාවලට නම් කරන ලද සාමාජික මන්ත්‍රීවරයන්ගේ නාම ලේඛන නියෝජ්‍ය කථානායක  අජිත් රාජපක්ෂ මහතා අද (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Political

පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙන අවස්ථාවක ව්‍යවස්ථාපිත කරුණක් සඳහා අත්සන් කිරීමේ බලයක් කතානායකවරයාට නොමැති වුවත් කතානායකවරයා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අත්සන් කළේ පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබියදී බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවැසීය.

Political

දේශපාලනඥයින්ගේ දරුවන් පෞද්ගලික සෞඛ්‍ය සේවා ඔස්සේ ලබා ගන්නා සැලකිල්ල මේ රටේ සෑම දුවෙකුටම පුතෙකුටම රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ ගැනීමට හැකි පසුබිම සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සුරක්ෂිතලත් ගනුදෙනුවලට අදාළ පනත් කෙටුම්පත ගෙන එන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කෙළේය.