Sunday, October 20, 2024
Follow Us
Political

ජනාධිපති ධුර අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට ආරාධනාවක් ලැබුණ හොත් අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Political

මහජන සුභ සිද්ධිය, ජාතික ආරක්‍ෂාව මෙන්ම රටේ ආර්ථික ස්ථායිත්වය පදනම් කොට ආරම්භ කරන ලද රාජ්‍ය ව්‍යාපාර රටේ මහජන සම්පත් බව නොරහසකි. එකී රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සමාජය තුළ දැඩි විවේචනයක් පවතින බව ත්‍රෛනිකායික මානාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කොට තිබේ .

Political

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා කිසිදු හානියක් සිදු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Political

දුම්රිය හරස් මාර්ගවලට ආරක්ෂිත සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීමට අඩු වියදම් සහිත ක්‍රමවේදයක් මා ඉදිරිපත් කළත් තවමත් එය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නට හැකියාවක් ලැබී නැති බව  කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (20) පැවසීය.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මහා භාණ්ඩාගාරය මේ ගැන කරුණු විමසමින් වාර්තා ඉල්ලා සිටීම නිසා තවමත් මෙය ඇනහිට තිබෙන බවත් මේ අයුරින් ආණ්ඩුකරණය බැරි නිසා කැබිනට් මණ්ඩලය දැනුවත් කර දුම්රිය හා ලංගමය ලබන සතියේදී මහා භාණ්ඩාගාරයට පවරා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

“මීට පෙර සවි කර ඇති සංඥා ක්‍රමවලට මගේ කිසිම බැඳීමක් හෝ වගකීමක් නැහැ. ඒ ක්‍රමවලට විශාල පිරිවැයක් දරා තිබෙන නිසා මිනිස් හා සත්ත්ව ජීවිත ඉතා අඩු පිරිවැයකින් ආරක්ෂා කර ගනිමින් දුම්රිය සංඥා ගැටලු ප්‍රශ්නය විසඳීමට මා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මෙරට පුද්ගලික අංශයේ තාක්ෂණ ආයතනත් රාජ්‍ය නිර්මාණ විවිධ නීතිගත සංස්ථාවක් එක්කර ගනිමින් ලක්ෂ 15කට වඩා අඩු වියදමින් මේ සංඥා ගේට්ටු ක්‍රමය ඇති කිරීමට මම මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. එය බෙල් සහ ලයිට් දෙකම සහ මුර කුටියකින් ද සමන්විත රේල් ගේට්ටු ක්‍රමයක්. එහි නියමු ව්‍යාපෘතිය ගිය පොහෝ දිනයේදී ගොඩගම සවිකර අත්හදා බැලීමක්ද කළා. මේ වන විට බොහෝ කාලයක් ගත වෙලා. අප ඊට වැය වෙන ලක්ෂ 15ක මුදලින් හත්ලක්ෂ පන්සීයක් මාර්ග අනතුරු වැළැක්වීමේ ආයතනයෙන් ලබා දෙන්නත් ඉතිරි මුදල් සමාජ සත්කාර ලෙස විවිධ පාර්ශ්වවලින් ලබා දෙන්නත් බලාපොරොත්තු වුණා. විපක්ෂ නායකතුමාත් මට ඒ සඳහා සහාය දෙන්නම් කියලා පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ නිසා මේ සම්බන්ධයෙන් තවත් කැබිනට් පත්‍රිකාවක් දාලා කරුණු ඉදිරිපත් කළා. එහිදී මහා භාණ්ඩාගාරය විවිධ කරුණු අහලා එවනවා. මේවාට කවුද තෑගි දෙන්නේ. සල්ලි දෙන්නේ කවුද කියලා අහනවා. මේ ආණ්ඩුකරණය මේ විදිහට කරන්න බැහැ. ඒ නිසා මම ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා දුම්රිය හා ලංගම දෙකම මහා භාණ්ඩාගාරයට භාර දෙනවා. අප මේවාට විසඳුම් ගෙන්න කොපමණ උත්සාහ කරත් කමිටු දාලා වාර්තා අරගෙන වාර්තා ඉදිරිපත් කරලා එනවිට මිනිස්සු මැරිලා ඉවරයි. සීටීබී එකත් ඒ වගේයි. සීටීබී එකට අවුරුදු 66ක් තිස්සේ බඳවා ගැනීම් හා උසස් වීම් පටිපාටියක් නැහැ. මේකට පටිපාටියක් හදන්න උත්සාහ කළාම කමිටු දානවා. වාර්තා ඉල්ලනවා. ඉවරයක් නැහැ. ඒ නිසා ඇමැතිවරයා ලෙස මටත් මගේ සභාපතිවරුන්ටවත් මේක කරන්න අමාරුයි. ඒ නිසා දුම්රිය දුවවන එකත් බස් දුවවන එකත් භාණ්ඩාගාරයට භාර දෙන්න තීරණය කළා. භාණ්ඩාගාරය බස් කෝච්චි දුවවලා ප්‍රවාහන සේවය පවත්වාගෙන යයි.“ යැයි අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

 

Political
  • අද ගැන නොව, හෙට ගැන සිතමින් ජනපති රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ අරඹා තිබෙනවා- සාගල රත්නායක මහතා.

දීර්ඝ කාලයක් පුරා අතපසු වූ නමුත් රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් අද රට තුළ සිදු කෙරෙමින් තිබෙන අතර ඒවා දේශපාලන වශයෙන් අවාසි සහගත වුවත් රටේ අනාගතයට වාසිදායක බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

Political

හිටපු කැබිනට් ඇමැති ජයවික්‍රම පෙරේරා මහතාගේ පුතණුවන් වන සමගි ජන බලවේගයේ කටුගම්පොළ ආසනයේ ප්‍රධාන සංවිධායක අසංක පෙරේරා මහතා පසුගියදා යළි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

Political

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආධාර ඇතිව ජලජීවී වගාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

Political

මෙරට සංචාරක කර්මාන්තයේ සිදුව ඇති නව පිබිදීමත් සමඟ සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරන අතර, එම කටයුතු සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

Political
  • වෘත්තිකයන් බිහිකළ හැකි අධ්‍යාපන ක්‍රමයක් ඉදිරියේදී ඇති කරනවා – 2024 වර්ෂයට අදාළ පාසල් පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනපති පවසයි.

රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, එමඟින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

Political

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Political

හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

Political

පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන වසරේදී (2025) පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Political

ශ්‍රී ලංකාවේ දැවැන්තම තීරණාත්මක දේශපාලන, සමාජ, ආර්ථික වෙනස ඇති කිරීමට සුදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට සහභාගී වූ ජනතාව අමතමින් ප්‍රඥා දුන්නේය.

Political

මෙරට අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ගැන වසර ගණනාවක් තිස්සේ කතාබහට ලක්ව පවතින බවත්. ඊට අදාළව ප්‍රතිපත්ති රාමුවක් සකස් කර මේ වනවිට පාර්ලිමේන්තුවට යොමුකර ඇති බවත්   අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගනු ලබන ක්‍රියාමාර්ග අදියරෙන් අදියර ක්‍රියාත්මක විය යුතු බවත්, ඒ සඳහා ශක්තිමත් අඩිතාලමක් පැවතිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Political

හැටදාහක් පමණ ජනතාව ඝාතනය කරමින් රාජ්‍ය දේපළ විනාශ කරමින් රට බංකොලොත් කිරීමට ක්‍රියා කළ ජනතා විමුක්ති පෙරමුණ අද ඉන්දියාවේ අමුල් සමාගම ඉදිරියේ පූස් පැටවුන් මෙන් හැසිරෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Political

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (19) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර, ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද හමුවකට එක්වීමට ද එම දරුවන්ට අවස්ථාව උදා විය.

ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයට එම දරුවන් කැඳවු ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය යනු කුමක්ද, එහි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔවුන් දැනුවත් කළේය.

රටේ ප්‍රධාන තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයේදීම, එය මෙහෙයවනු ලබන ජනාධිපතිවරයා සමඟ කතාබහකට එක්වීමට පාසල් දරුවන්ට අවස්ථාව හිමි වූයේ පළමු වරට වීම ද විශේෂත්වයකි.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුර දරන සිසුවියන් වෙත එම අමාත්‍ය ධුරයන්හි වගකීම,කාර්යභාරය සහ කැබිනට් මණ්ඩලයේ වගකීම් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා කරුණු පහදා දුන්නේය.

රටේ අනාගත නායකත්වයට පත්වන දරු පරපුර රාජ්‍ය පාලන ව්‍යුහය පිළිබඳ මනා දැනුමක් ලබා තිබීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

තම පාසලේ දරුවන් වෙත ලබාදුන් මෙම ඓතිහාසික අවස්ථාව පිළිබඳව කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලිව්.ආර්. ප්‍රියදර්ශනී මහත්මිය විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ස්තූතිය පිරිනැමුවාය.

Political

එළඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 20, 21 සහ 22 යන දිනවල පැවැත්වීමට ඊයේ (15) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පවසයි. 

Political

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවළ හැර වෙනත් විකල්ප ක්‍රම තිබේ නම් ඒ සඳහා ඕනෑම මාධ්‍යයක ඕනෑම කණ්ඩායමක් සමඟ සංවාදයකට සූදානම් බව මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.