Saturday, October 19, 2024
Follow Us
කොළඹ - මඩකලපුව දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කරයි

කොළඹ කොටුව සහ මඩකලපුව අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අද (19) නිවේදනය කළේය.

වනඅලි රංචුවක් දුම්රියක ගැටීම හේතුවෙන් අබලන් වූ දුම්රිය මාර්ගය පිළිසකර කිරීමෙන් අනතුරුව මෙලෙස දුම්රිය ධාවනය ආරම්භ කර තිබේ.

ඊයේ (18) එම අනතුර සිදුවී තිබුණේ මින්නේරිය සහ හිඟුරක්ගොඩ අතර රොටවැව ප්‍රදේශයේදී ය.  

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියේ වනඅලි රංචුවක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි.

එම අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවී තිබූ අතර දුම්රියේ ඉන්ධන ටැංකි පෙරළී ගොස් තිබුණි. වනඅලි දෙදෙනෙකු ද මියගොස් තිබුණි.