Saturday, October 19, 2024
Follow Us
වීසා ගැන සාකච්ඡාවට නොපැමිණි නිලධාරීන් ගැන  මුදල් කාරක සභාවේ දැඩි අප්‍රසාදය
මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සමබන්ධයෙන් වූ සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ දැඩි අප්රසාදය

 

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සමබන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ දැඩි අප්රසාදය පළ කළේය.
 
මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මින් පෙර මෙම කමිටුව රැස්වූ අවස්ථාවේ මෙම අමාත්යාංශයේ සහ මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද දින කමිටුවට පැමිණීමට එකඟතාවය සඳහන් කළද හදිසියේම ඊයේ සවස දැනුම්දීමක් කරමින් අද දින කමිටුවට නොපැමිණීම මෙම කරකසභාවට ගරු නොකිරීමක් ලෙස දකින බවයි. විශේෂයෙන්ම කාර්යාල වේලාවෙන් පසුව මෙම දැනුම්දීම සිදුව ඇති බවත් මෙහිදී නිදහසට දක්වා ඇති කරුණ අනුමත කළ නොහැකි බවත් හෙතෙම වැඩි දුරටත් පෙන්වා දුන්නේය. මේ නිසා මෙම අමාත්යාංශය සහ දෙපාර්තමේන්තුව නැවත දිනක කාරක සභාවට කැඳවා ශ්රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා වීසා අයදුම්පත් ඔන්ලයින් ක්රමයට ඉදිරිපත් කිරීමේ බලයලත් නියෝජිතයා ලෙස GBS-IVS සහ VFS Global සමාගම් පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කෙරුණි.
 
මේ පිිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු වූයේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී  (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (14) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
 
එසේම මෙම කාරක සභාව සඳහා ශ්රී ලංකා මොබිටෙල් (පෞද්ගලික) සමාගම සහ ශ්රී ලංකා පෞද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරිය කැඳවා තිබුණි. මේ අනුව මොබිටෙල් සමාගම විසින් මෙම නව සමාගමට ශ්රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා වීසා අයදුම්පත් ඔන්ලයින් ක්රමයට නිකුත්කිරීමේ අයිතිය ලබාදීමට පෙර තම සමාගම විසින් 2023 වර්ෂය වන තෙක් මෙම සේවාව ක්රියාත්ම කිරීම සිදු වූ ආකාරය සහ මේ සම්බන්ධයෙන් අවශ්ය යාවත්කාලීන කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන්ශ්රී ලංකා ආගමන හා විගමණ දෙපාර්තමේන්තුව සමග සිදු කළ සාකච්ඡා සහ යෝජනා පිළිබඳ අදාළ ලිඛිත මූලාශ්ර සහිතව කමිටුවට ඉදිරිපත් කළේය.
 
මේ අනුව මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර නැවතත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට තීරණය කෙරුණි.
 
රාජ්ය අමාත්යවරුන් වන (ආචාර්ය) සුරේන් රාඝවන්, (වෛද්ය)  සීතා අරඹේපොළ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන  ජොන්ස්ටන් ප්රනාන්දු,  රවුෆ් හකීම්,  පාඨලී චම්පික රණවක,  මහින්දානන්ද අලුත්ගමගේ,  දුමින්ද දිසානායක,  චන්දිම වීරක්කොඩි, (වෛද්ය)  කාවින්ද ජයවර්ධන,  මයන්ත දිසානායක,  හර්ෂණ රාජකරුණා, (මේජර්)  ප්රදීප් උඳුගොඩ,  සහන් ප්රදීප් විතාන,  ප්රේම්නාත් සී දොලවත්ත සහ  මධුර විතානගේ යන මහත්ම මහත්මීහු මෙම කාරක සභාවට සහභාගි වූහ.