Wednesday, October 23, 2024
Follow Us
Economic
  • SL welcomes 80,350 tourists in first 23 days of April, pushing YTD figure to 416,029
  • India remains top source market in April so far, followed by Russia, UK, Germany and France
  • Tourism Minister Harin Fernando says industry made a positive impact during a short period
  • Russia remains top tourist source market for Sri Lanka YTD with 91,475 visitors, followed by India, UK, Germany and France
  • Sri Lanka Tourism currently engaged in multi-city, South Indian roadshow till Friday

The outlook for travel to Sri Lanka is promising despite global pressures and the strong tourism rebound is expected to continue well into 2023.

Economic
  • Program targets 71,000 smallholder paddy farmers and 1,200 paddy seed farmers across 7 districts
Economic

පසුගිය අප්‍රේල් මස 11 වනදා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයෙන් ලක්ෂ 50ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Economic

මෙවර යල කන්නයේ දී වී වගා කරන ගොවි ජනතාවට පොහොර මිල දී ගැනීමට මුල්‍යමය සහනාධාරයක් ලබාදීම සඳහා රජයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Economic

ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය ලබන 26, 27 සහ 28 ‍තෙදින විවාදයට ගැනීමට අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ලෝක සම්මත බැංකු මූලධර්ම අනුව ක්‍රියාත්මක වන ආයතනයක් හෙයින් එම ආයතනය සමඟ ගිවිසුම් ගතවීමේදී ක්‍රියාත්මක විය යුතු නියමිත පිළිවෙළක් ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Economic

ආසියානු කලාපයේ සමස්ත සැපයුම් සහ ප්‍රවාහන වෙනස්කම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන ගුවන් සහ නාවුක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Economic

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වන වගන්තිය යටතේ

Economic

2022 මහ කන්නයෙ දී මෙරට හෙක්ටෙයාර් 60,000ක බඩ ඉරිඟු වගා කර තිබු අතර එමගින් බඩඉරිඟු මෙට්‍රික් ටොන් 210,000ක අස්වැන්නක් ලබා ඇති බව බඩඉරිඟු පිළිබඳ වාර්තා සඳහන් කරයි.



2023 යල කන්නයේ දී බඩඉරිඟු වගා කිරීම පිළිබඳව පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය කරනු ලැබීය.

පසුගිය වසරේ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය මෙන්ම මෙරට කිරි නිෂ්පාදනය ද පහළ වැටීමට ප්‍රධාන හේතුවක් වුයේ රට පුරා සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු හිඟයයි. 2021 මහ කන්නයේ දී රසායනික පොහොර තහනම් කිරීමත් සමග වාර්ෂික බඩඉරිඟු අස්වැන්න මෙට්‍රික් ටොන් 90,000 දක්වා පහත වැටිනි.

සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 05 ඉක්මවයි. 2021 ට පෙරට මෙරට වාර්ෂික බඩඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 280,000- 300,000ත් අතර පැවැතිනි. දළ වශයෙන් වාර්ෂික ව බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කරනු ලැබීය.

නමුත් 2021 රසායනික පොහොර තහනම නිසා 2022 වසර තුළ පමණක් මෙරටට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 178,000ක් ආනයනය කර තිබේ. කෙසේ වුවද 2022 මහ කන්නයේ දී හෙක්ටෙයාර් 60,000ක පමණ බඩඉරිඟු වගා කිරීම නිසා කන්න තුනකට පසුව වැඩිම බඩඉරිඟු අස්වැන්න වශයෙන් මෙට්‍රික් ටොන් 210,000ක් මෙවර ලබා ගැනීමට හැකි විය.

2023 යල කන්නයේදී හෙක්ටෙයාර් 20,000ක බඩඉරිඟු වගා කිරීමට සැළසුම් කර තිබේ. ඒ යටතේ මෙට්‍රික් ටොන් 90,000ක අස්වැන්නක් ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැළසුම් කර ඇත. මෙම අස්වැන්න අපේක්ෂිත ඉළක්කය සපුරා ගැනීමට හැකි වුවහොත් මෙම වසර තුළ යළි බඩඉරිඟු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද කෘෂි අංශ අවධාරණය කරයි.

2022 මහ කන්නයේ දී මෙරට බඩඉරිඟු අස්වැන්න මීට වඩා ප්‍රමාණයක් ලබා ගත හැකි වුවත් සමස්ත වගා ප්‍රමාණයෙන් සියයට 10ක් පමණ බඩඉරිඟු ගස් ළපටි කරළ් සමග සත්ව ආහාර නිෂ්පාදනයට ලබා දීමත්, කිරිකරළ් වශයෙන් මෙතෙක් භාවිතා කළ බඩඉරිඟු ප්‍රමාණය සියයට 06 සිට සියයට 08ක් දක්වා ඉහළයාමත් සිදුවී තිබීම නිසා සමස්ත අස්වැන්න මෙට්‍රික් ටොන් 210,000කට සීමා විනි.

මේ අතර 2023 මහ කන්නයේ දී බඩඉරිඟු වගාව සඳහා ගොවීන් දිරිගැන්වීමේ විශේෂ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සියලු විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති මගින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දුන්නේය.

Economic

Aitken Spence Travels welcomed 4,000 cruise tourists to Sri Lanka on the eve of Sinhala and Tamil New Year. The luxurious cruise ships, MSC Poesia and MSC Magnifica, docked into the Port of Colombo with the atmosphere filled with excitement and celebrations.

Economic

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් එළඹෙන පාර්ලිමේන්තු සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇත.

Economic

2023 වර්ෂයේ පළමු කාර්තුවේ (ජනවාරි, පෙබරවාරි සහ මාර්තු) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 316,619ක් රැස්කර ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි.

Economic

අද (21) ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 මාර්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

Economic

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරි පාර්ලිමේන්තු සතියේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) හමුවට කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Economic

දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 109 දෙනෙකුගෙන් සමන්විත වූ 786 වන කණ්ඩායම (ධීවර) ඊයේ (23) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Economic
 
• විවෘත වන ශ්රී ලංකා ආර්ථිකය වර්ධනය කිරීමේ වගකීම පෞද්ගලික අංශය භාරගත යුතුයි – බිස්නස් ටුඩේ සම්මාන උළෙලේදී ජනපති පවසයි.
Economic

මේ වනවිට රජය සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් පනවා තිබේ.