Wednesday, October 23, 2024
Follow Us
බදු ආදායම වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 216%ක් වැඩිවීමක්

2023 වර්ෂයේ පළමු කාර්තුවේ (ජනවාරි, පෙබරවාරි සහ මාර්තු) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 316,619ක් රැස්කර ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි.

 2022 වසරේ එම කාර්තුවේදී ආදායම් දෙපාර්තමේන්තුව රැස්කරගෙන ඇත්තේ රුපියල් මිලියන 146,565කි.

ඒ අනුව එය පසුගිය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 216%ක වැඩිවීමක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

 එම දෙපාර්තෙමේන්තුව සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ රජයේ නව බදු ප්‍රතිපත්තිය මෙන්ම රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම සහ බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව වර්ධනය වීම ආදිය මෙම බදු ආදායම ඉහළයාමට හේතුවී ඇති බවයි.