Wednesday, October 23, 2024
Follow Us
උද්ධමනය තවත් පහළට

අද (21) ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 මාර්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.


· ඒ අනුව මෙරට මාර්තු මාසය සඳහා උද්ධමනය පෙබරවාරි මාසයට සාපේක්ෂව පහත පරිදි වේ.
උද්ධමනය                                                              2023 පෙබරවාරි                   2023 මාර්තු
මතුපිට උද්ධමනය (Headline Inflation)                           53.6%                               49.2%
ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)                49.0%                                42.3%
ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)     57.4%                                54.9%

ආහාර කාණ්ඩය සැළකූවිට එළවළු, හාල්, අළුත් මාළු, රතුළූණු, ලොකුළුෑණු, මයිසූර් පරිප්පු, අර්තාපල්, වියළි මිරිස්, කරවල, පාන්(සාමාන්‍ය), මිරිස්කුඩු, සීනි, කුකුළුමස්, බනිස්, තිරිඟුපිටි, කහකුඩු, කවුපි, සුදුළූණු සහ නූඩ්ල්ස් යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත. එහෙත් අළුත් පළතුරු, පොල්, බිත්තර, පොල්තෙල්, අමුමිරිස්, තේ කොළ/කුඩු, මුංඇට,ඉඟුරු, සෝයාමීට් හා සහල් පිටි යන ආහාර ද්‍රව්‍ය වල මිලෙහි වැඩිවීමක් වාර්තා වී ඇත.

ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය වැඩිවීම සඳහා 'රෙදිපිළි හා පාවහන්', 'නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන' (විදුලි බිල හා ගෑස්) යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත. එහෙත් 'ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු' (රෙදි සෝදන සබන් වර්ග), 'ප්‍රවාහන' (පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු), 'ආපනශාලා සහ හෝටල්' , 'විවිධ භාණ්ඩ හා සේවා (සුවඳ සබන් වර්ග)' යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිලෙහි අඩුවීමක් වාර්තා වී ඇත.