Wednesday, October 23, 2024
Follow Us
IMF කොන්දේසිවලට පිටින් බදු සහන ලබාදිය නොහැක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ලෝක සම්මත බැංකු මූලධර්ම අනුව ක්‍රියාත්මක වන ආයතනයක් හෙයින් එම ආයතනය සමඟ ගිවිසුම් ගතවීමේදී ක්‍රියාත්මක විය යුතු නියමිත පිළිවෙළක් ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ඒ් අනුව මෙරට උපයන විට ගෙවිමේ බදු සම්බන්ධයෙන් කවර ඉල්ලීමක් කළද එවැනි ඉල්ලීම්වලට අවිධිමත් ලෙස අවසර දීමක් සිදු නොවන බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයකේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තරයට ගෙවිය යුතු ණය සහ පොලිය ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීම මේ වන විට මෙරටට ඇති ප්‍රධාන ඉලක්කයක් බවත්, එය සකසගෙන ඒ තුළින් ඇතිවන ආර්ථික තිරසරබව සමඟ ඉදිරියේදී සහනයක් ලබාදිය හැකි නම් පළමු අවස්ථාවේදීම රාජ්‍ය සේවකයන්ගේ උපයන විට ගෙවීමේ බදු සම්බන්ධයෙන් සහනයක් ලබාදීමට සාකච්ඡා කරන බවත්, අමාත්‍යවරයා පැවIසීය.

මෙම අසීරු අවස්ථාවේදී රට සම්පුර්ණයෙන් කඩාවැටීමෙන් මිදීම සඳහා වෙනත් විකල්පයක් නොමැති අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ක්‍රියා කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්‌නේය.