Sunday, October 20, 2024
Follow Us
Economic

මේ වසරේ පළමු දින 04 තුළ පමණක් සංචාරකයින් 25,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

Economic

සෞඛ්‍ය සේවයේ වියදම් අවම කරගැනීම සඳහා ආයුර්වේද නිෂ්පාදන, ඖෂධ සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

Economic

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

Economic

තැපෑල් දෙපාර්තමේන්තුව ලබන ආදායමෙන් 54% ක්‌ මේ වන විට උපයනු ලබන්නේ බස්නාහිර පළාතෙන් බවත් ඊට සමගාමීව නැගෙනහිර පළාතෙන් උපයන ආදායමද 10% ඉලක්කය දක්වාවත් වැඩිකල යුතු බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Economic

Among countries like Brazil, Indonesia, Greece and Poland, Sri Lanka too ranks high with regard to the 10 rules of successful nations except in some areas such as population, politics and the state, an expert said recently. 

Economic

හෙට (01) සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.

Economic
  • උතුරු පළාත ජාතික ආර්ථිකයට සක්‍රීයව දායක කර ගැනීම සඳහා ව්‍යාපාර සංවර්ධනය අත්‍යාවශ්‍යයි – ජනපති අවධාරණය කරයි.
  • ජනපති සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අතර හමුවක් – විශ්වවිද්‍යාල පද්ධතියේ පරිවර්තනීය වෙනසකට සැලසුම්.
Economic

ඊයේ (ජනවාරි මස 1 වැනිදා) සිට ක්‍රියාත්මක වන වැට් සහ නව සුරාබදු සමග මෙරට මත්පැන් මිල ඉහළදැමීමට එම නිෂ්පාදන සමාගම් තීරණය කර ඇත.

 

ඊට අදාළ නව මිල ගණන් පහතින්,

1 a price

 

 

Economic

මෙම දෙසැම්බර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 2 සීමාව ඉක්මවා ගිය බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Economic

විදෙස්ගත ශ්‍රී ලාංකේය සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේෂණවල අගය 2023 වසරේ දී ඩොලර් මිලියන 5,969.6ක් ලෙස වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Economic

කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට,ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

Economic

ලබන වසරේ ජනවාරි පළමු වැනි දා සිට අවස්ථා කිහිපයක දී බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කිරිමට ගෙන තිබූ තීරණය කල් දැමීමට පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

වාහන ලියාපදිංචි කිරීමේ දී ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීම ජනවාරි පළමු වැනි දා සිට අනිවාර්ය වන බවට මුදල් අමාත්‍යාංශය මීට පෙර දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් බදු ගොනු විවෘත කිරිමේ ක්‍රියාවලියට මහජනතාව ලියාපදිංචී වීමේ ප්‍රමාදයක් සිදු ව ඇති අතර, ඊට තවත් කාලයක් ලබාදීමේ අරමුණින් අදාළ තීරණය ක්‍රියාත්මක කිරිම මසකින් පමණ කල්දැමීමට පියවර ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Economic

මෙරට වෙළෙඳපොළ සදහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බව වාාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Economic

Ceciliyan tea factory, Kalawana in Ratnapura district, has recorded the sale of over 3.8 million kilos in 2023 at the Colombo tea auction.

Economic
 

මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය.

  • බදු සංශෝධනය හේතුවෙන් පවුලක මාසික වියදම තවත් රුපියල් 40,000කින් පමණ ඉහළ යන බවට පළවන මත සාවද්‍යයි.

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය.

මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය මේ බව සඳහන් කළේ “එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත සහ එහි බලපෑම” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (28) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

ආර්ථික විද්‍යාව පිළිබඳ විෂය දැනුම ඇති ඇතැම් පිරිස් පවා ජනවාරි 01 වනදා සිට වැට් බද්ද ක්‍රියාත්මක වීමෙන් අනතුරුව පවුලක මාසික වියදම තවත් රුපියල් 40,000කින් පමණ ඉහළ යන බවට මතයක් සමාජගත කරමින් සිටින නමුත් එම ප්‍රකාශ මුළුමනින්ම සාවද්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරිණ.

තවද, අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් බවත්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා ද වැට් බද්ද අදාළ නොවන බවත් මෙහිදී සඳහන් විය.

දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර්, ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජේ. ගුණසිරි හා අධ්‍යක්ෂ කේ. කේ. අයි. එරන්ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ යන මහත්ම මහත්මීහූ ද මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශක තනූජා පෙරේරා මහත්මිය මෙසේද පැවසුවා ය.

2002 අංක 14 දරණ පනත මගින් වැට් බද්ද පනවා තිබෙනවා. ඒ අනුව එය මෙරටට හඳුන්වා දී වසර 20ක් පමණ ගතවී තිබෙනවා. මුල් අවධියේදී වැට් බදු අනුපාත දෙකක් වශයෙන් පැවතුනත් පසුව එය අනුපාත තුනක් ලෙස සංශෝධනය වුණා. මේ ආකාරයට වරින් වර විවිධ අගයන්වලින් පැවතුණු මෙම වැට් බදු අනුපාතය 2019 වසරේ සිදු කළ බදු සංශෝධන මගින් 8%ක් දක්වා පහත දැමුණා. ඒ හමුවේ රාජ්‍ය ආදායම විශාල ප්‍රමාණයකින් පහත වැටුනා. පසුව එය 15%ක් දක්වා ඉහළ දැමුණා.

පසුගිය මාසයේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුනු වැට් බදු සංශෝධන පනත මගින් 2024 ජනවාරි 01 වනදා සිට වැට් බදු අනුපාතය 15% සිට 18% දක්වා වැඩි කර තිබෙනවා. අපට තවදුරටත් සහන මත පදනම්ව ඉදිරියට යාමට අපහසුයි. රාජ්‍ය අදායම ඉහළ නංවා ගැනීමේ අත්‍යවශ්‍ය කාරණය මත මෙම බදු සංශෝධනය සිදුකර තිබෙන බව කිව යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන බදු ප්‍රතිසංස්කරණ ගණනාවක් පසුගිය කාලය තුළ සිදුකර තිබෙනවා.

2019 වර්ෂය වන විට වැට් බදු සඳහා ලියාපදිංචි වීමේ සීමාව මිලියන 15ක්ව පැවතුනා. නමුත් 2020 ජනවාරි 01වන දා සිට එම සීමාව මිලියන 300ක් දක්වා ඉහළ නංවනු ලැබූවා. ඒ සමඟ වැට් බදු සඳහා ලියාපදිංචි වී තිබූ බදු ලිපිගොනු විශාල ප්‍රමාණයක් අක්‍රීය වුණා. නමුත් පසුව එය මිලියන 80ක සීමාව දක්වා පහත හෙළනු ලැබුවා. නව සංශෝධනය අනුව 2024 ජනවාරි 01වනදා සිට එය රුපියල් මිලියන 60ක් දක්වා තවදුරටත් පහතට ගෙනැවිත් තිබෙනවා.

ඒ වගේම බදු නිදහස් කිරීම් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට නව සංශෝධනයේදී කටයුතු කර තිබෙනවා. රජයට අහිමි වී තිබූ අති විශාල ආදායම නැවත ලබාගැනීම මෙහි අරමුණයි.

නමුත් ඇතැමුන් මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වැරදි අදහස් සමාජගත කරමින් සිටිනවා. ඇතැමුන් හුවා දක්වනවා ජනවාරි 01වනදා සිට ජීවත් වෙන්න අමාරු බවත්, බදු සංශෝධනය සමග අති විශාල වියදමක් පවුලකට දැරීමට සිදුවන බවත්. බදු සංශෝධනය නිසා යම් අමතර වියදමක් එකතු වන නමුත් එය ඇතැමුන් උලුප්පා දක්වන තරමේ ඉහළ යාමක් නොවන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම එකතු කළ අගය මත බද්ද යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මේ වන විටත් රජය අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා.

උදාහරණයක් ලෙස ඇතැම් භාණ්ඩ ආනයනය කිරීමේදී වරාය හා ගුවන්තොටුපළ බද්ද අදාළ වෙනවා. එම භාණ්ඩවලින් වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත් කර වැට් බද්ද පමණක් පවත්වා ගැනීම මගින් වැට් බද්ද වැඩි වීම මගින් සිදුවන බලපෑම අවම කිරීමට කටයුතු කිරීම වැනි සාධනීය පියවර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ. කේ. අයි. එරන්ද මහතා.

එකතු කළ අගය මත බද්ද අපේ රටේ ආදායම එක්රැස් කරගැනීමේ ප්‍රධානතම මෙවලමක්. 2023 වර්ෂය සඳහා වැට් බද්ද මගින් රුපියල් බිලියන 600ක් ඉක්මවා යන ආදායමක් අප අපේක්ෂා කළා. නමුත් ලැබී තිබෙන්නේ ඉන් බිලියන 450ක පමණ ප්‍රමාණයක් පමණයි. 2024 වර්ෂය සඳහා වැට් බද්ද මගින් රුපියල් බිලියන 1400ක පමණ ආදායමක් අපේක්ෂා කරනවා. අපේක්ෂාව කෙසේවූවත් බාහිර, අභ්‍යන්තර සහ බදු නිදහස් කිරීම් වැනි බදු කාන්දුවීමේ සාධක නිසා මෙම අදායම අහිමිවී තිබෙන බව අප තහවුරු කරගෙන තිබෙනවා. මේ නිසා බදු ගෙවන්නන් ප්‍රමාණය වැඩි කිරීමට සහ බදු නිදහස් කිරීම් අවම කිරීමට රජයට සිදුවී තිබෙනවා. එසේ වූවත් ජනතාවට විශාල බලපෑමක් ඇතිවන භාණ්ඩ සහ සේවාවන්ගේ බදු නිදහස් කිරීම් ඉවත් කර නැහැ. අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, ආහාර අතුරින් සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් තවදුරටත් නිදහස් ව පවතිනවා. ඒ වගේම හාල්මැස්සන්, ලොකු ලූණු, කරවල වැනි විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා වැට් බද්ද අදාළ වන්නේ නැහැ.

ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජානක එදිරිසිංහ මහතා.

ශ්‍රී ලංකාව මහ බැංකුවේ මූලික අරමුණ දේශීය මිල ස්ථායීතාවය පවත්වා ගැනීමයි. ඒ අනුව නව මහබැංකු පනත සමඟ කාර්තුමය වශයෙන් රටේ උද්ධමනය 3-7%ක ප්‍රමාණයක පවත්වාගත යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය එක්ව ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අපගේ ඉලක්කය උද්ධමනය 5% ක පමණ මට්ටමක පවත්වා ගැනීමයි. බදු සංශෝධනයක් උද්ධමනයට බලපෑම් කරනවා. නොවැම්බර් මාසයේ උද්ධමනය 3.4% ලෙස වාර්තා වුණා.

පවුලක සාමාන්‍යයෙන් සාමාජිකයන් 4ක් ලෙස සලකනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව පසුගිය නොවැම්බර් මාසයේ පවුලක සාමාන්‍ය මාසික වියදම 177,687.44 ලෙස සටහන් වෙනවා. ඒ අනුව ගත් විට සමස්තයක් ලෙස සාමාන්‍ය පවුලක වියදම රුපියල් 40,000 කින් වැඩි විය නොහැකි බව ඔබට හොඳින්ම වැටහෙනවා ඇතියි.

නමුත් මහබැංකුව ඇස්තමේන්තුගත කර තිබූ ආකාරයට බදු සංශෝධනයට පෙර තිබූ උද්ධමන පුරෝකතන සහ බදු සංශෝධනය පිළිබඳ අදහස් පළ වීමෙන් අනතුරුව ඉදිරිපත් වුණු පුරෝකතන අතර පවතින වෙනස දෙස බැලුවොත් කෙතරම් මිල වැඩිවීමක් නිසා කෙතරම් ප්‍රමාණයක උද්ධමනය වැඩිවීමක් සිදුවේද යන්න පිළිබඳ වටහාගත හැකියි.

මෙම බදු සංශෝධනයේ ඍජු සහ වක්‍ර බලපෑම් සියල්ලම සලකා බැලීමෙන් අනතුරුව අප 2-3% අතර ප්‍රමාණයක උද්ධමනය වැඩි වීමක් සිදුවෙතැයි පුරෝකතනය කර තිබෙනවා. නමුත් එකතු කළ අගය මත බද්ද යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් අමාත්‍යාංශයත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා දැනට අප පුරෝකතනය කර ඇති අනුපාතය ද තවදුරටත් අඩුවීමේ හැකියාවක් පවතිනවා. සමස්තයක් විදියට දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසය වන විට පවුලක මාසික වියදම රුපියල් 40,000කින් පමණ වැඩිවීමක් සිදු වෙන්න බැහැ. එවැනි ප්‍රකාශ පිළිබඳ අප කණගාටු වෙනවා.

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා.

මේ වසර සැලකූ විට මේ දක්වා රජයේ ආදායම රුපියල් ට්‍රිලියන තුනකට ආසන්න සීමාවකට ළඟාවී තිබෙනවා. අපේ බලාපොරොත්තුව පැවතුණේ මේ වසරේ මුළු රාජ්‍ය ආදායම රුපියල් මිලියන 2850ක් පමණ වනු ඇතියි. නමුත් එම ඉලක්කය මේ වන විට අප පසුකර තිබෙනවා.

ඒ වගේම 2023 වර්ෂයේදී රජය විසින් පැනවූ බදු මගින් යම් පීඩනයක් ඇති වූවත් ජනතාවගේ අත්‍යවශ්‍ය සියලු සේවාවන් අඩුපාඩුවකින් තොරව සැපයීමට කටයුතු කර තිබෙනවා. යම් පුද්ගලයෙක් හෝ ව්‍යාපාරයක් අසාමාන්‍ය ලෙස භාණ්ඩවල මිල ඉහළ දමමින් කටයුතු කරනවා නම් රජය සහ ජනතාව එක්ව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ හැකියාව පවතිනවා. ලෝකයේ අනෙකුත් රටවල් ගත් විට එම රටවල දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැට් බදු ආදායම 6-8% අතර මට්ටමක පවතිනවා. නමුත් ශ්‍රී ලංකාවේ මේ වසරේ දත්ත සලකා බැලුවත් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැට් බදු ආදායම පවතින්නේ 2.2% වැනි ප්‍රමාණයකයි.

2024 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැට් බදු ආදායම 4%ක් පමණ වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. නමුත් එය ප්‍රශස්ත මට්ටම නොවෙයි. ඒ නිසා ආර්ථික ක්‍රියාකාරකම් නිසි පරිදි මෙයෙවීමේ යාන්ත්‍රණයක් දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා. ඒ සඳහා 2024 අයවැය මගින් ඩිජිටල්කරණය සහ සියලුම ආයතන ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා.

දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර් මහතා.

පාර්ලිමේන්තුවෙන් සම්මත කර දුන් මෙම බදු පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබෙනවා. බදු පදනම පුළුල් කිරීමේ ක්‍රියාමාර්ගයක මේ වන විට අප යෙදී සිටිනවා. ලියපදිංචි බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ගත් විට, 2022 වර්ෂයේදී සමාගම් 73,444ක් ලියාපදිංචි වී තිබූ අතර, මෙම වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට එය 81,909ක් දක්වා වැඩි වී තිබෙනවා.

තනි පුද්ගලයින් ලෙස 2022 වර්ෂයේ දී පුද්ගලයින් 204,467ක් බදු ලියාපදිංචි වී සිට අතර මේ වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට එම සංඛ්‍යාව 500,196 දක්වා වැඩි වී තිබෙනවා. ලියාපදිංචි හවුල් ව්‍යාපාර සංඛ්‍යාව 13,776 සිට 15,579 දක්වා වැඩි වී තිබෙනවා. වර්තමානයේ APIT ලෙස හඳුන්වන PAYE බද්ද සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 41,636 සිට 242,679 දක්වා වර්ධනය වී තිබෙනවා. වැට් බද්ද සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 10,604 සිට 13,546 දක්වා වැඩි වී තිබෙනවා. 2019 වසරේ බිලියන 1025ක් වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම, 2020 වර්ෂයේදී බිලියන 500 දක්වා අඩු වූවත් මේ වර්ෂයේදී අපට බිලියන 1500 දක්වා ඉහළ නැංවීමට හැකි වුණා. එය සිදු වුණේ බදු පදනම පුළුල් කිරීම සහ බදු අනුපාතයන් වෙනස් කිරීම මගිනුයි.

මේ තත්ත්වය ඉදිරියේදී ලිහිල් විය හැකියි. 2024 ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN Number) ලබා ගත යුතුයි. මෙය වරදවා වටහාගන්න එපා. ලියාපදිංචි අංකය ලබාගැනීම සහ බදු ලිපිගොනු විවෘත කිරීම කාරණා දෙකක්. සෑමදෙනෙකුටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙනවා වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN Number) ද පැවතිය යුතුයි. බදු ගෙවීම සඳහා තරම් ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතුයි. එවිට ඔවුන්ට අදායම් බදු ගෙවීම සඳහා ලිපි ගොනුවක් විවෘත කිරීම සිදු වෙනවා.

Economic

නව ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත එළැඹෙන සතියේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

Economic

වැට් බදු සංශෝධනයත් සමඟ රජයට හිමිවිය යුතු ආදායම කූට ව්‍යාපාරිකයන්ගේ ලාභයක් බවට පත්වීම වැළැක්වීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් හා යන්ත්‍රණයක් සකස් කරන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කෙළේය. කොළඹ, කොටුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද  (01) පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ කීය. වසර 2022 සැප්තැම්බර් මාසයේ පැවැති සියයට 70 ඉක්මවූ උද්ධමනය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 80කින් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියලහි අගය, විදේශ නිල සංචිතය ඉහළ නංවා ගැනීම ඇතුළු ආර්ථික ස්ථායීකරණ තත්ත්වයන් සිදු වීමට රජය ඉතා අසීරුවෙන් ගතවූ මාස 22ක කාලය තුළ ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති හා ගනු ලැබූ තීරණ බලපෑ බව ද සේමසිංහ මහතා විස්තර කළේය. එවැනි අසීරුවෙන් ක්‍රියාත්මක කළ තීරණ නිසා කෙටි කාලීනව පොදු මහජනතාවට පීඩාවත් එල්ල වුව ද මැදි හා දීර්ඝ කාලීනව රටේ ආර්ථිකය ස්ථායී තත්ත්වයකට ළඟාවීමෙන් සහන හිමිවනු ඇතැයි ද ඔහු කීය.

ජනප්‍රිය වීමට සුරංගනා කතා කියා ජනතාව ඉදිරියට ගියද සැබෑ යථාර්ථය එය නොවන බව පෙන්වා දුන් රාජ්‍ය ඇමැතිවරයා, දුෂ්කරතා හා දුෂ්කර කාලයේ කැපවීමෙන් කටයුතු කොට එම කාලය පසුකිරීමට සැවොම රජයට සහාය ලබා දී ඇතැයි පැවැසීය.

වැට් බදු සංශෝධනයෙන් රජය අපේක්ෂා කරන බදු ආදායම, නිසි ලෙස රජයට අයවීම අනිවාර්යයෙන්ම සිදු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රධාන රජයේ යන්ත්‍රණය ශක්තිමත්ව මෙහෙයවීම හා ඊට අවශ්‍ය පරිපූර්ණ නීති-රීති හඳුන්වාදීම රජයක් ලෙස තමන් ඉටු කරන බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

සෑම විටම භාණ්ඩ හා සේවාවල මිල වැඩිකොට, ඊට වැට් බදු සංශෝධනය හේතු වූවා යැයි කියා මහජනතාවගේ මුදල් අවභාවිතයට කිසිම අයකුට ඉඩක් නොතබන ලෙසත්, රජයට නිසි ලෙස බදු මුදල් අය කර ගැනීමට හැකිවන ලෙසත් නව වැඩපිළිවෙළක් නව වසරේ ක්‍රියාත්මක කරන බව ද සේමසිංහ මහතා කීය.

රජය සිදු කළ වැට් බදු සංශෝධනයෙන් උද්ධමනය දැනට පවතින අගයට වඩා සියයට දෙකක් (2%) සියයට දෙකයි දශම පහක් (2.5%) අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. දැනට උද්ධමනය සියයට පහ (5%) මට්ටමේ පවත්වා ගෙන යෑමට අප කටයුතු කොට තිබෙනවා. මේ අභියෝගාත්මක කාලයේ පවා අප උපරිම උත්සාහ දරනුයේ පීඩාවට පත්වන අයට සහන අවශ්‍ය පිරිස්වලට සහන ලබාදීමට බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

වසර 2022 දී සියයට 10කින් හැකිළුණු ආර්ථික වර්ධන වේගය, වසර 2023 දී සියයට 3 මට්ටමට අඩුකර ගැනීමට හැකිවනු ඇත. වසර 2024 දී අපේ රටේ ආර්ථිකය සියයට 1.8කින් ධන ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගනු ඇත. දැනටමත් 2023 තුන්වැනි හා හතර වැනි කාර්තුවල ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අප ඇතිකරගත් එකඟතාවට අනුව මේ වන විට රටේ ආර්ථිකය ස්ථායී මට්ටමකට ළඟාවී තිබෙනවා. එය තවදුරටත් ශක්තිමත් වීම ඉදිරියේ දී සිදු වෙනවා. අපිට බංකොලොත් ආර්ථිකයක් යන ලේබලයෙන් මිදීමට ඉක්මනින් හැකිවෙනවා. ඒ සඳහා අප විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් ඉන්නවා. සාර්ථක ප්‍රතිඵල ලබා තිබෙනවා. යැයිද කිවේය.

Economic

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.