Sunday, October 20, 2024
Follow Us
දින 4කදී සංචාරකයින් 25,000කට වැඩි පිරිසක් දිවයිනට

මේ වසරේ පළමු දින 04 තුළ පමණක් සංචාරකයින් 25,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජනවාරි මස පළමු වැනි දින සිට 04 වැනි දින දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 25,619 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.

ඉන් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් වන 5,060 දෙනෙකු රුසියාවෙන් පැමිණ ඇති අතර, ඉන්දියාවෙන් ද සංචාරකයන් 3,333 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

ඊට අමතරව ජර්මනිය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය, නෙදර්ලන්තය සහ අමෙරිකාව යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

පසුගිය වසර තුළ පමණක් සංචාරකයින් දා හතර ලක්ෂ අසූ හත්දහස් තුන්සිය තුන් දෙනෙක් දිවයිනට පැමිණ ඇති අතර, මේ වසරේ එම සංඛ්‍යාව ලක්ෂ 23 දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂිතයි.