Saturday, October 19, 2024
Follow Us
State
  • ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි.
  • උතුරු පළාතේ නිවාස ඉදිකිරීම වෙනුවෙන් ලබන වසරේදී මුදල් වෙන් කරනවා – “උරුමය ” වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කරමින් ජනපති පවසයි.
State
  • කෘෂි නවීකරණ වැඩපිළිවෙළ මෙම වසරේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක ක්‍රියාත්මක කරනවා.
  • මූල්‍ය සහාය සහ පුහුණුව ලබා දීමට රජය සූදානම් – කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිකර ඇති හරිතාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනපති පවසයි.
State

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැළෙන අපේක්ෂකයන් හා පුද්ගලයන් හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

State
හම්බන්තොට දිස්ත්රික්කයේ තිස්සමහාරාම මුලික රෝහලේ රුපියල් මිලියන 50 ක වියදමින් ස්ථාපිත කරන ලද නව ඔක්සිජන් උත්පාදන බලාගාරය (OXYGEN GENERATION PLANT) සෞඛ්ය ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.
State

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.

State

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

යාපනය විශ්වවිද්‍යාලයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

State

මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස උසස් පෙළ පන්ති ජූනි මස 04 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

State

දැනට ක්‍රියාත්මක තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා දක්වා පුළුල් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබේ. 

State

කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

State

රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතිය විධිමත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

State
  • එකඟත්වයකින් හා සම්මුතියකින් යුතුව ඉදිරියට ගියහොත් ලෝකයේ සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව කඩිනමින් ඔසවා තැබිය හැකියි.
  • රටේ අනාගත පරපුර වෙනුවෙන් ලැබෙන අවස්ථාව පැහැර හරින්න එපා.
  • අප අද කටයුතු කරන ආකාරය අනුව අනාගතයේ දිනක විනිශ්චයට භාජනය වෙනවා.
  • මෙම අසීරු අවස්ථාවේ රට වෙනුවට තම පෞද්ගලික අභිලාෂ මත කටයුතු කළහොත් එය විශාල විනාශයක ආරම්භයක් වනු ඇතියි – ජනපති පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසයි.
State

පහ වසර ශිෂ්‍යත්ව විභා­ගය සැප්තැ­ම්බර් මස 15 වැනි ඉරිදා පව­ත්වන බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය.

State

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නිමවූ වහාම අධ්‍යයන පොදු සහතික  පත්‍ර උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

State

කොවිඩ් -19 වසංගත සමය තුළ විදේශගතව සිට පැවති තත්ත්වය හමුවේ නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

State

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

State

ලබන වසරේ සිසුසැරිය සඳහා බස්රථ 500 ක් වැඩි කර , සිසුසැරිය බස්රථ 2,000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත්, මේ සම්බන්ධව තමා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡාවක් පැවැත් වූ බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ඇ) ශ්‍රේණියට බඳවා ගැනේ.