Saturday, October 19, 2024
Follow Us
සා.පෙළ ඉවර වූ සැණින් උසස් පෙළට පන්ති

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නිමවූ වහාම අධ්‍යයන පොදු සහතික  පත්‍ර උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු එහි ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවට අවම වශයෙන් මාස තුනකට ආසන්න කාලයක් ගතවේ.

මෙම කාලයේ සිසුන් පාසල් අධ්‍යාපනයෙන් බැහැර වීම ඔවුන් උසස් පෙළ හැදෑරීම සඳහා යොමුවීමේ ප්‍රවණතාව අඩුවීමට මෙන්ම එමඟින් විවිධ සමාජ ගැටලු නිර්මාණය වීමටද හේතු වී ඇතැයි රජය කියයි.

එම කරුණු සැලකිල්ලට ගෙන සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට සහ උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය සඳහා ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලය සලසා දීමට හැකි වන පරිදි 2024 වසරේ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමත් සමඟ පාසල් වල උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම යෝග්‍ය බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව 2023 වර්ෂයට අදාලව 2024 මැයි මස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා එම විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්තිය ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.