Saturday, October 19, 2024
Follow Us
ශිෂ්‍යත්ව විභාගයට අයදුම්පත් කැඳවයි

පහ වසර ශිෂ්‍යත්ව විභා­ගය සැප්තැ­ම්බර් මස 15 වැනි ඉරිදා පව­ත්වන බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය.

පාස­ල්ව­ලට සිසුන් තෝරා ගැනී­මට හා ශිෂ්‍යා­ධාර ප්‍රදා­න­යට පහ ශ්‍රේණිය සිසුන් සඳහා පැවැ­ත්වෙන විභා­ගය – 2024 වස­රට අදා­ළව අය­දු­ම්පත් කැඳ­වීම මේ මස 27 වැනිදා සිට ජුනි මස 14 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා සිදු කරන බවත් මාර්ග­ගත ක්‍රම­වේ­ද­යට අයැ­දු­ම්පත් කැඳ­වීම සිදු කරන බවත් ඒ මහතා පැවැ­සු­වේය.

විභා­ග­යට අදා­ළව අයැ­දුම් කිරීම සඳහා වන උප­දෙස් සහ ව්‍යව­ස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවි­සී­මෙන් ලබා­ගත හැකි අතර රජයේ පාස­ලක හෝ රජය විසින් අනු­මත පාස­ලක 5 ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන සිසුන්ට අය­දුම් කළ හැක.

ශිෂ්‍යා­ධාර ලැබී­මට සුදු­සු­කම් ලබ­නුයේ අඩු ආදා­යම් සහිත 2025 ජන­වාරි 31 වැනි­දාට වයස අවු­රුදු 11ට අඩු දරු­වන්ට පමණි. විශේෂ අව­ශ්‍යතා ඇති සිසුන් පිළි­බ­ඳව ඉල්ලුම් කළ යුතු ආකා­රය ගැන උප­දෙස් විස්ත­රා­ත්ම­කව මාර්ග­ගත උප­දෙස් මාලාවේ සඳ­හන් කර තිබේ.