2024 සමස්ත ලංකා රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ ජාතික මට්ටමේ තරග ඊයේ (07) දවස පුරා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැත්විණි
රජයේ දේපොළ අවභාවිත කිරීම, රජයේ දේපොළ සැඟවීම හෝ පැහැර ගැනීම් සම්බන්ධයෙන් වූ තොරතුරු 1997 අංකය ඔස්සේ පොලිසියට දැනුම්දීමට මහජනතාවට හැකියාව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම ඊයේ (27) සමත් විය.
අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචා වල වැඩි වීමක් පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සංචාරක කොදෙව් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින තරගය අද (26) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ .
හජ් වන්දනාවේ යාමට වත්කම් නොමැති ආර්ථික අපහසුතාවලින් පෙලෙන බස්නාහිර පළාතෙන් බැහැරව අනිකුත් පළාත්වල වෙසෙන ඉස්ලාම් බැතිමතුන්ටත් අවස්ථාව ලබා දෙන ලෙස, හජ් වන්දනාකරුවන්ට හිමිවන හජ් කෝටාව ලබා ඇති ආයතනවලින් රජය ඉල්ලීමක් කර ඇති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.
පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි දශක තුනකට පසු අද (01) විවෘත කර තිබේ.
In commemoration of the Poppy Day, a Poppy Flower was pinned on Defence Secretary Air Vice Marshal Sampath Thuyacontha (Retd) by the President of the Sri Lanka Ex-Servicemen's Association (SLESA) Lt Col Ajith Siyambalapitiya (Retd) yesterday (Oct 25).
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර එහි සේවය කළ වෛද්‍ය නිලධාරීින් සහ සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ඖෂධ සහ ගිලන් රථ දෙක යළි සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීම අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු කෙරීණ.
රැකියා සඳහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ගේ කුසලතාවය ඉහළ නැංවීම තුළින් ශ්‍රමිකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි.
රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
මහ කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 2000ක මුදලක් (මිලියන 20,000 ) ගොවි ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පැවැසීය.
ලොව පුරා හින්දු භක්තිකයන් මහත් බැතියෙන් සමරනු ලබන ආගමික උත්සවයක් වන දීපාවලී උත්සවය අදට (31) යෙදී තිබේ.
සංචාරක වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවයන් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි අවශ්‍යතාවයක දී දැනුම් දීමට දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
නව පුනරුද යුගයක අරුනළු සමගින් මහජන කේන්ද්‍රීය බලශක්ති ක්ෂේත්රයක් කරා පියනගන බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ, විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සහ අධ්යක්ෂ මණ්ඩලය විසින් ලංවිම සමස්ථ සේවක මණ්ඩලය ආවරණය වන පරිදි පසුගියදා(23) මාර්ගගත ක්‍රම ඔස්සේ පැවැත්වුණි.
13වැනි ආසියානු නෙට්බෝල් ශුරතාවයේ අවසන් තරගයෙන් ලකුණු 67- 64 ක් ලෙසින් සිංගප්පූරුවට පරාජයට පත්වීම නිසා අනුශූරතාවයෙන් සෑහීමට පත් වන්නට ශ්‍රී ලංකාවට සිදු විය.
හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.
Page 4 of 690