බය නැතුව හෘද සාක්ෂියට එකඟව රාජකාරිය කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය. දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරි කිරීම සඳහා ධෛර්යක් පොලිස් නිලධාරීන්ට තිබිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) සමත් විය.
බය නැතුව හෘද සාක්ෂියට එකඟව රාජකාරිය කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය. දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරි කිරීම සඳහා ධෛර්යක් පොලිස් නිලධාරීන්ට තිබිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
The Institute of Certified Management Accountants of Sri Lanka (CMA) signed a Memorandum of Understanding (MoU) with Rajarata University of Sri Lanka to provide opportunities to Management undergraduates to obtain a dual qualification; a degree and a professional management accounting qualification which will provide skills and competencies to make them suited for industry requirements.
ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් පසුගිය දා (14) ක්‍රියාත්මක කෙරිණි.
024 සැප්තැම්බර් මාසයේ අයි.සී.සී ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත්ව තිබේ.
ලබන ඔක්තෝබර් 24, 25 සහ 26 යන දිනයන් හිදී බස්නාහිර, වයඹ, උතුරු සහ නැගෙනහිර පළාත්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
වෙළඳාම සඳහා මෙන්ම වැඩි දෙනෙකුගේ පරිභෝජනය සඳහා ආහාර නිපදවන බොහෝ දෙනෙක් ආහාරයේ ස්වස්ථතාවයට එනම් ආහාරයේ පිරිසිදුභාවයට දක්වන සැලකිල්ල අවම වන නමුත් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජනරාල් මහතා පවසයි.
කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙට (14) දිනයේත් වසා තැබීමට තීරණය කර තිබේ.
බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ.
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන යල අස්වනු පූජාව ඊයේ (15) මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්විනි. යල කන්නයේ ගොවි ජනයා විසින් නෙලා ගත් වී අස්වැන්නේ අග්‍ර ඵලය දළදා සමිදුන් වෙත පූජා කිරීමේ අරමුණින් පැවැත්වෙන යල අස්වනු පූජාව සංවිධානය කරන්නේ 09 වැනි වරටයි.
රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කළේය.
රටේ ආර්ථිකය යහපත් දිශානතියකට යොමු කරමින් මේ වසරේ මුල් මාස 08ක කාලයේ දී මෙරට රාජ්‍ය ආදායම සියයට 40.5 කින් ඉහළ ගොස් තිබෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව ඉදි කොට වැඩ අවසන් කොට ඇති ශීතාගාරය ගොවිජනතාවගේ කටයුතු වෙනුවෙන් කඩිනමින් විවෘත කරන ලෙස ගොවි සංවිධාන නියෝජිතයින් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් සහන කණ්ඩායම් 10ක් කොළඹ, ගම්පහ සහ පුත්තලම් දිස්ත්‍රික්කවල යොදවා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පවසයි. අද(14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුට එවෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.
පසුගිය දිනවල දිවයිනට බලපෑ ගංවතුර තත්ත්වය පහව යාමත් සමග වතුර බැසයාමේදී මීඋණ රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් ශරීරයේ තුවාල පවතී නම් වතුරේ නොබසින ලෙසද මී උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම රෝහල්ගත වන ලෙසද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ මහත්මිය පවසයි.
බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සේවය විනය හේතු මත වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එරට ක්‍රිකට් මණ්ඩලය (BCB)තීරණය කර තිබේ.
කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා සිසුවිය අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාරදි දුන්නාය.
Page 5 of 690