Social and Equity
ලෝකයේ මහාද්වීප හතේ උසම කදු මුදුන් තරණය කිරීම අභියෝගයක් බවට පත් කර ගත් ශ්‍රී ලාංකික කදු නැගීමේ ශූර යොහාන් පීරිස් , ලෝකයේ තවත් උසම කදු මුදුන් දෙකක් තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
-
Details
-
Social and Equity
මෙම දිනවල පවත්නා අධික හිරු රශ්මිය හේතුවෙන් සියලු දෙනා පීඩාවට පත් වන අතර මෙම උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් අධික පිපාසයක් වැනි අපහසුතාවයන්ට ද මුහුණදීමට සිදු වේ.
මෙම තත්ත්වය තුළ අධික හිරු රශ්මියෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත සඳහන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් එම පිඩාකාරී තත්ත්වයෙන් මිඳී සිටීමට පුළුවන් වනු ඇත.
- පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කරන්න. වැඩිහිටි කෙනෙකු අවම වශයෙන් දිනකට ලීටර 5ක් වත් ජලය පානය කළ යුතුය.
- පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් සම්පූර්ණයෙන් වළකින්න.
- අධික පාරජම්බූල කිරණ වලින් දෑස් ආරක්ෂා කරගැනීමට පාරජම්බූල කිරණ ප්‍රේරණය කළ හැකි (100% UV protection) කන්නාඩි එළිමහනේ යන සෑම අවස්ථාවකදීම පැළඳින්න.
- පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කරන්න.
- මෙම දින වල හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් අඳින්න.
- එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවන්න.
- වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වන්න.
මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දැනුවත් කිරීමකි.
-
Details
-
Social and Equity
විවිධ වෛද්‍ය ක්‍රමයන්ගෙන් සමන්විත ඒකාබද්ධ වෛද්‍ය ප්‍රතිකාර සේවාවක් ලබා දීම එකම රෝහලක දී සිදු කිරීමේ නව ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවත් එම වැඩපිළිවෙළ පල්ලෙකැලේ පළාත් ආයුර්වේද රෝහලෙන් ආරම්භ කිරිමටඅදහස් කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
-
Details
-
Social and Equity
අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
-
Details
-
Social and Equity
රට තුළ පැවති ආර්ථික අභියෝගයන් හේතුවෙන් 2019 සිට පාසල් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු වුනේ නැති එබැවින් පාසල් යටිතල පහසුකම් ඉහළ නැංවීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් මිලියන 10,000 කට වඩා දැනටමත් වෙන් කොට තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය .
-
Details
-
Social and Equity
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.
-
Details
-