ලංකා ගමනාගමන මණ්ඩලය කියන්නෙ සුවිශාල මහජන සේවයක් සපයන ආයතනයක් වන අතර මේ වනවිට මෙම ආයතනයේ නොයෙකුත් අඩුපාඩු පැවතුනද යළි නගා සිටුවීමට නොහැකි ආයතනයක් නොවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා අවධාරණය කරයි.
ඊයේ (06) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී විෂයභාර අමාත්‍ය, බිමල් රත්නායක මහතා ඉදිරියේ, නිල වශයෙන් සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් සභාපතිවරයා මෙම අදහස් පළ කළේය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා, ශ්‍රී ලංගමය කිසිසේත් විකිණීමට අදහස් නොකරන බවත්, තම අමාත්‍යාංශය සතු විශාලම ආයතනය මෙය බවත්, 27,000 ක් පමණ වූ සේවක පිරිසකින් සැදුම්ලත් මෙම ආයතනය ගොඩගැනීම සඳහා, සේවක සහාය අත්‍යාවශ්‍ය බවත් පැවසීය.