2025 වසරේ මාර්තු 05වනදා දක්වා කාලය තුළදී සංචාරකයන් 530,746ක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මාර්තු පළමු දින 05 තුළදී පමණක් සංචාරකයන් 37,768ක් දිවයිනට පැමිණ ඇති බවයි.
රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.