Sunday, March 09, 2025
Follow Us
“ජනාධිපති පරිසර සම්මාන - 2025” සඳහා අයඳුම්පත් කැඳවයි
 
මධ්යම පරිසර අධිකාරිය සංවිධාන කරන “ජනාධිපති පරිසර සම්මාන - 2025” වැඩසටහන සඳහා මේ වන විට අයඳුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. 2025 අප්රේල් මස 30 වන දිනට පෙර ඒ සඳහා අයඳුම්පත් යොමු කරන මෙන් මධ්යම පරිසර අධිකාරිය දැනුම් දෙයි.
“කර්මාන්ත අංශය”, “ව්යාපාර හා ව්යාපෘති අංශය” සහ “ආයතන, ජනමාධ්ය හා සමාජ අංශය” යන ප්රධාන අංශ තුන යටතේ මේ සඳහා අයඳුම් කළ හැකිය. ඒ අනුව “කර්මාන්ත අංශය”; “මහා පරිමාන” සහ “සුළු හා මධ්ය පරිමාන” ලෙස අනු අංශ දෙකකි. මෙම අනු අංශ දෙකෙහි වෙන වෙන ම වර්ග 16 බැගින් වේ. “පොදු අපද්රව්ය පිරිපහදු කළමනාකරණ පද්ධති/ ඝන අපද්රව්ය නැවත ලබා ගැනීමේ/ ප්රතිචක්රීකරණ/ බැහැර කිරීමේ හෝ සැකසීමේ කර්මාන්ත”, “රසායනික නිෂ්පාදන කර්මාන්ත”, “වාහන සේවා ස්ථාන”, “ආහාර පාන නිෂ්පාදන කර්මාන්ත”, “හෝටල්”, “රෙදිපිළි පිරිසැකසුම් කර්මාන්ත”, “ඖෂධ නිෂ්පාදන සහ රූපලාවන්ය නිෂ්පාදන කර්මාන්ත”, “ආරෝග්ය ශාලා”, “රබර් ආශ්රිත කර්මාන්ත”, “සත්ත්ව ගොවිපළ”, “නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත”, “තේ සැකසුම් කර්මාන්තශාලා”, “ඇසුරුම් ද්රව්ය නිෂ්පාදන කර්මාන්ත (මුද්රණ කටයුතු සහිත)”, “ඛනිජ ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත”, “දැවමය ආශ්රිත නිෂ්පාදන” සහ “ලෝහ/ යකඩ නොවන ලෝහ/ යන්ත්රෝපකරණ/ විදුලි/ ඉලෙක්ට්රොණික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හෝ එකලස් කිරීමේ කර්මාන්ත” එම වර්ග 16 වේ.
“ව්යාපාර හා ව්යාපෘති අංශය” එක් අනු අංශයකින් සහ වර්ග තුනකින් සමන්විත වේ. එනම් “පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්යාපෘති” යන අනු අංශය යටතේ “කුඩා පරිමාන ජල විදුලි ව්යාපෘති”, “සූර්ය බල ව්යාපෘති” සහ “සුළං බල විදුලි උත්පාදන ව්යාපෘති” ලෙස වර්ග තුනකි.
“ආයතන, ජනමාධ්ය හා සමාජ අංශය” යටතේ ඇගයීමට ලක්කරන අනු අංශ හයක් පවතී. “පාසල්”, “පරිසර හිතකාමී රාජ්ය ආයතන”, “පරිසර හිතකාමී පෞද්ගලික ආයතන”, “පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කරන රාජ්ය නොවන පරිසර සංවිධාන”, “පරිසර හිතකාමී නව නිර්මාණ (“පාසල්”, “විශ්වවිද්යාල හා තෘතීයික අධ්යාපන ආයතන” සහ “විවෘත අංශය”) සහ “ජනමාධ්ය අංශය” (“තනිපුද්ගල” සහ “පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා” ලෙස මෙහි වර්ග දෙකකි) යනු “ආයතන, ජනමාධ්ය හා සමාජ අංශය” යටතේ ඇති අනු අංශ හයයි.
මධ්යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.cea.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112873447, 0112872278 යන දුරකථන අංක වලට හෝ 0112888999 යන ක්ෂණික ඇමතුම් අංකය වෙත ඇමතීමෙන් අයඳුම්පත් සහ වැඩි විස්තර ලබා ගත හැකිය. තවද 0725064285 යන දුරකථන අංකයෙන් සහකාර අධ්යක්ෂිකා ආචාර්ය ලක්මිණී රාධිකා මෙනවිය ඇමතීමෙන් ද 0713486339 යන දුරකථන අංකයෙන් ජ්යෙෂ්ඨ පරිසර නිලධාරී අර්ෂා කුමාරි මහත්මිය ඇමතීමෙන් ද වැඩිදුර විස්තර ලබා ගැනීමට අවකාශ සලසා දී තිබේ.
සම්මාන උත්සවයේ ඇගයීම් කටයුතු ඒ ඒ අංශයට අදාළ විශේෂඥයන් විසින් සිදුකරනු ලබන අතර විශේෂඥ කමිටුවේ තීරණය අවසන් තීරණය වේ. “ජනාධිපති පරිසර සම්මාන”, “රන් සම්මාන”, “රිදී පරිසර සම්මාන”, “ලෝකඩ පරිසර සම්මාන” සහ “කුසලතා පරිසර සම්මාන” ආදී ලෙස වූ සම්මාන හිමිකර ගැනීමට “ජනාධිපති පරිසර සම්මාන” උළෙලේ දී තරඟකරුවන්ට අවස්ථාව හිමි වේ. ශ්රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව සුරැකීමේ අරමුණින් පවත්වනු ලබන මෙම සම්මාන ප්රදානෝත්සවය අතිගරු ජනාධිපතිතුමාගේ ප්රධානත්වයෙන් 2025 ඔක්තෝම්බර් මාසයේ දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර “ජනාධිපති පරිසර සම්මාන” වැඩසටහන ක්රියාත්මක කරනු ලබන්නේ “දැකුම්කළු දිවයිනක්, සොම්නසින් පිරි ජනතාවක්” යන දැක්ම පෙරදැරිව ක්රියාත්මක කරන “ක්ලීන් ශ්රී ලංකා” වැඩසටහන සමඟ අත්වැල් බැඳ ගනිමිනි.