කොකේන් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන කරල් 12 සමග පුද්ගලයෙකු අද (23) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ තුළදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය , පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් නීතිවිරෝධී පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්රෑම් 5377ක් විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පසුගියදා (19) කටයුතු කළේය.
කැනඩා රජයේ මූල්‍ය පරිත්‍යාගයෙන් රෝගී සත්කාර ඔක්සිජන් නිෂ්පාදන යන්ත්‍රාගාරයක් පසුගියදා කෑගල්ල මහ රෝහලට ලබාදී තිබේ.
ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කට එකම දතක්වත් නැති බවත්, එය විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බවත්, දත් ආරක්ෂා කර ගැනීම, මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම පිළිබදව දැනුවත්කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.
තුඹයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධව සිටින කේ. ඩබ්. චින්තක කුමාර මහතා විසින් රන්මිණිතැන්න ප්‍රදේශයේ වගා කර ඇති අක්කර 06ක පමණ එළවළු වගාව ඊයේ (17) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිරීක්ෂණය කළේය.
අප්‍රේල් මස 18 දිනට යෙදී ඇති නැකතට පැළයක් වැඩසටහනට සමගාමීව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 100,000ක්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 30,000ක් ද වගා කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා වන විශේෂ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.
අක්කර භාගයක මිරිස් වගාවෙන් මාස නවයක් තුළදී රුපියල් මිලියන 12ක ආදායමක් ඉපැයූ අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ තරුණ ගොවි මහතෙකු වු බන්දුල මුණසිංහ මහතා සහ අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් රුපියල් මිලියන4ක ආදායමක් ඉපැයූ ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන තරුණ ගොවි මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ඇඟයීමේ “Golden Inmediens - 2023” ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි දී පැවැත්විණි.
කැනඩාවේ ඔටාවා හී බාර්හේවන් හි දී ඝාතනය ලක් වු ලාංකිකයින් 06 දෙනොගේ අවමංගල්‍ය කටයුතු ඊයේ (17) සිදුකෙරිණි.
මෙවර යල කන්නයේ වී වගාවට හා අනෙකුත් බෝග වගාවට අවශ්‍ය සියලුම පොහොර වර්ග හිඟයකින් තොරව සැපයීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
ෂෙනුක් විජේසිංහ මහතා විසින් සෞන්දරී ඩේවිඩ් රොඩ්‍රිගෝ සහ නෙරංජන් ද සිල්වා යන මහත්ම මහත්මීන් සමඟ එක්ව ඉදිරිපත් කළ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (19) පස්වරුවේ එක් වූහ.
මාංශ භක්ෂක ඇලිගේටර් ගා (Alligator Gar) නැමැති අඩි 09ක් පමණ දිගට රාත්තල් 300ක් පමණ බරක් දක්වා වැඩෙන ආක්‍රමණික මත්ස්‍ය විශේෂය මහනුවර වැවේ ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් මතුව තිබේ.
අම්පාර, ඓතිහාසික දීඝවාපි පුදබිමේ සහ ලාහුගල පිහිටි නීලගිරි මහා සෑයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව අධීක්‍ෂණය සඳහා දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ ( 20) එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
අනාගතයේ දී පාසල් පද්ධතියෙන් පිටවන දරුවන් නව ආර්ථික ප්‍රවණතාවන්ට අනුගත විය හැකි අයුරින් සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
පවතින උෂ්ණාදික කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
Page 29 of 686