Monday, March 10, 2025
Follow Us
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි ඉල්ලා පෙත්සමක්

පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා ජීවිත අහිමි වූ අය වෙනුවෙන් සහ තුවාල ලැබූ අය වෙනුවෙන් වන්දි ගෙවන ලෙස ඉල්ලා 17 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කෙරුණා.

එම පෙත්සම ගොණුකර ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි සුනිල් පෙරේරා නමැති අයෙකු විසින්. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා, අගමැතිවරයා, පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ වර්තමාන ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

(Neth)