Monday, March 10, 2025
Follow Us
සා.පෙළ උප­කා­රක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් 12.00න් පසුව තහ­නම්

ධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2025) විභා­ග­යට අදා­ළව උප­කා­රක පන්ති පැවැ­ත්වීම අද (10) මධ්‍යම රාත්‍රී 12 සිට විභා­ගය අව­සන් වන තෙක් තහ­නම් බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය.

මේ මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා රට පුරා මධ්‍ය­ස්ථාන 3,663කදී සාමාන්‍ය පෙළ විභා­ගය පැවැත්වේ.

හෙට (11) මධ්‍යම රාත්‍රී 12 සිට විභා­ගය අව­සන් වන තෙක් විභාග අපේ­ක්ෂ­ක­යන් සඳහා උප­කා­රක පන්ති සංවි­ධාන කිරීම සහ එම පන්ති මෙහෙය වීම, විෂ­යා­නු­බද්ධ දේශනා, සම්ම­න්ත්‍රණ, වැඩ­මුළු පැවැ­ත්වීම, විභා­ගය සඳහා අනු­මාන ප්‍රශ්න ඇතු­ළත් ප්‍රශ්න පත්‍ර මුද්‍ර­ණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍ර­වල ප්‍රශ්න ලබා­දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා­දෙන බවට පෝස්ටර්, බැනර්, අත්ප­ත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහ­නම් වේ.

යම් අයෙක් හෝ ආය­ත­න­යක් හෝ වෙනත් පාර්ශ්ව­යක් මෙම නියෝග නොස­ලකා හැරි­යොත් ඒ තැනැත්තා හෝ ආය­ත­න­යට එරෙ­හිව නීතිය දැඩිව ක්‍රියා­ත්මක කරන බව විභාග කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා ප්‍රකාශ කළේය.

විභාග නියෝග කඩ කරන යම් අයෙක් වේ නම් ඒ සම්බ­න්ධ­යෙන් ළඟම තිබෙන පොලිස් ස්ථාන­යට හෝ පොලිස් මූල­ස්ථා­න­යට හෝ ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි කළ හැකිය. 0112421111 පොලිස් මූල­ස්ථා­නය, 119 පොලිස් හදිසි ඇම­තුම් අංකය, 1911 ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ ක්ෂණික ඇම­තුම් අංකය, 0112784208 / 0112784537 පාසල් විභාග සංවි­ධාන හා ප්‍රති­ඵල ශාඛාව යනාදි දුර­ක­තන අංක­යන්ට විභාග පැමි­ණිලි ඉදි­රි­පත් කළ හැකිය.