සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දීමට කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දෙයි.
මගී ඉල්ලුම අනුව ස්ථාවර බස් රථ මෙන්ම අමතර ගමන්වාර සඳහා අතිරේක බස් රථද සූදානම් කර ඇති බව කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටී.