Saturday, April 19, 2025
Follow Us
හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර නාථ දේවාලයේදී පැවැත්වෙයි

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද  ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර නාථ දේවාල පරිශ්‍රයේදී අද (16) පෙරවරුවේ පැවැත්විණි.

සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන්ගේ අශිර්වාද පරිදි පෙරවරු 09.04ට යෙදුණු සුබ මොහොතින් උතුරු දිශාව බලා හිස තෙල් ගැල්වීම සිදුවිය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන ලද මෙම චාරිත්‍රයට සමගාමීව  අලි අතුන් සඳහා  හිස තෙල් ගැල්විමද සිදු කරන  ලදී.

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් බුරුම රාජා සහ මිගාර ඇතුන් සඳහා තෙල් ගැල්වීම සහ ආහාර ලබාදිමද මෙම අවස්ථාවේදී ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සිදුවිය.

මල්වතු පාර්ශවයේ සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන්, මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරාධිපති හිමි ඇතුළු මහා සංඝරත්නයද සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුනි මහතා, ආයුර්වේද කොමසාරිස් ජනරාල්, නාථ දේවාල බස්නායක නිලමේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.