Sunday, March 09, 2025
Follow Us
බදූර්දීන්ට එරෙහිව රතන හිමිගෙන් විශ්වාස භංගයක්

වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

රිෂාඩ් බදූර්දීන් මහතා වගකීම් විරහිතව කටයුතු කර ඇති බවත් අත් අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන ලෙස ඔහු බලපෑම් කළ බවක් වාර්තා වී ඇති බවත් රතන හිමි සඳහන් කළේය.

ඒ අනුව ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම සඳහා තමන් නිර්භයව නායකත්වය ගන්නා බවයි එහිමි ප්‍රකාශ කළේ.

අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එසේම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය ඉවත් කර ඉදිරි මැතිවරණය තෙක් භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ද එහිමි යෝජනා කළේය.

(LNW)