Saturday, October 19, 2024
Follow Us
සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ගේ උපාය මාර්ගික සැලැස්ම

සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම ජනගත කිරීමේ උත්සවය, ව්‍යවසායක සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝටලයකදී අද (31) පෙරවරුවේ පැවැත්විණි.

මෙහිදී සර්වජන බලය නියෝජනය කරන පක්ෂ නායකයින් ඩිජිටල් සන්නස මත දෑත තැබීමෙන් පසු උපාය මාර්ගික සැලැස්ම ජනගත කෙරුණි.

ජනතා අදහස් මතින් පණ පෙවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම වන මෙහි තේමාව වන්නේ, "එක්ව නංවන රටක් - සතුට පිරුණු දැයක්" සර්වජන අදිටන් සම්මුතිය ලෙසය. 

පිටු 66කින් සමන්විත මෙම උපාය මාර්ගික සැලසුම තුළින් ජාතික පුමුඛතා ලෙස අත්‍යාවශ්‍ය නිවැරදි කිරීම් ක්ෂේත්‍ර අටක් ඔස්සේ ඉදිරිපත් කර ඇත.

එනම්,

  1. දූෂිතයන්ට දඬුවම් කිරීම
  2. රණවිරුවන් සුරැකීම 
  3. පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම
  4. ආර්ථික පරාධීනත්වය පිටුදැකීම
  5. ගොවියා කර්මාන්තකරුවා මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය සුරැකීම
  6. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කිරීම
  7. කුල පීඩාවන් අහෝසි කිරීම
  8. සමාජය බිඳදමන කුමන්ත්‍රණ පරාජය කිරීම

අභිමානවත් ජාතික අන්‍ය්‍යතාවක් සහිත සමෘද්ධිමත් රටක් බිහිකර ගැනීමට සියලුම ලාංකිකයින් බලගැන්වීම සඳහා වන මෙම උපාය මාර්ගික වැඩපිළිවෙල තුළින් සර්වජන බලය ව්‍යවසායකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර තිබේ.

රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය සුහුරු පාලනයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම, විශිෂ්ඨයෝ නමින් අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමුකිරීම, හරිත දිගන්තය මගින් පරිසරය කෙරෙහි අවධානය යොමුකිරීම, බිසෝ කොටුවෙන් ඔබ්බට නමින් තාක්ෂණය නව මාවතකට ගෙන ඒම යන මූලිකාංගවලට ඇතුළත් ය.

එමෙන්ම, 

පළමුව තාරුණ්‍ය අභිප්‍රේරණය කරමින් තරුණ ශක්තිය ජාතියේ වර්ධනයට දායක කරගැනීම

සුවපත් මිනිසුන් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු නිරාකරණය කිරීම

හිතේ හයිය ලෙසින් සමාජ සුබ සාධනය ගොඩනැංවීම

පන්නරය ලෙසින් කර්මාන්ත විප්ලවයක් ඇතිකිරීම

බලයෙන් බලවත් බලශක්ති ක්ෂේත්‍රයක් ගොඩනැංවීම 

ගතට සතුට ලෙසින් ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම එකමුතු ලෙස ජාතික සමගිය වර්ධනය කිරීම

මානව සම්පත් අභිප්‍රේරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ලබාදෙමින් සෑම ලාංකිකයෙකුටම උපතේදීම ඩිජිටල් අනන්‍යතාවක් ලබාදීම

පුරවැසියාගේ ජනජීවිතය උසස් කරලීම සඳහා නවමු වැඩපිළිවෙළක්

සුහුරු පාලනයක් තුළින් රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය ව්‍යවසායකත්ව රාජ්‍යයකට සරිලන ලෙස පරිපාලන පද්ධතියක් ගොඩනැගීම කෙරෙහිද සර්වජන උපාය මාර්ගික සැලසුමෙන් අවධානය යොමුකර තිබේ.

මේ සඳහා දේශපාලන මැදිහත්වීමකින් තොරව කුසලතා මත පදනම් විභාග ක්‍රමයකින් රාජ්‍ය සේවය සවිමත් කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් කෙරෙහි අවධානය යොමු කර ඇත.

මෙහි විශේෂත්වය වන්නේ දත්ත කළමනාකරණ නියෝජිත ආයතනයක් පිහිටුවමින් සියලුම පුරවැසියන් සඳහා සර්වජන බලය ආණ්ඩුව පිහිටුවීමෙන් මාස 3ක් තුළ නීති සම්පාදනය කිරීම.

උපාය මාර්ගික සැලසුමෙහි ආණ්ඩුකරණය සහ පරිපාලන කටයුතු පර්වර්තනීය සහ ධරණීට මාවතක් ඔස්සේ දේශයේ ප්‍රමුඛතාවයක් කරා යොමුකරවන දූෂණයෙන් තොර වැඩපිළිවෙළක් ද හඳුන්වා දී ඇත.

ගුවන, භූමිය, සයුර භාවිත කරමින් භෞතික සම්පත් ප්‍රශස්ත ලෙස ආර්ථික වර්ධනය, තිරසරබව සහ සමාජ යහපැවැත්ම උදෙසා කළමනාකරණය කිරීමද සර්වජන බලය උපාය මාර්ගික සැලසුමෙහි තවත් අරමුණකි.

රන්වැට ලෙසින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද සැලසුම් දියත් කර තිබේ.

එමෙන්ම, සියලු පුරවැසියන් සඳහා සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා ගෝලීය අභියෝගනට මුහුණදෙමින් උපායමාර්ගික ආයෝජන මගින් නිෂ්පාදනය ආර්ථිකයක් බිහිකිරීමත් සර්වජන බලය උපායමාර්ගික සැලසුමෙයි ප්‍රධාන අරමුණක් වී ඇත.

Aruna