Saturday, October 19, 2024
Follow Us
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති කොටස් 4කින් එළියට

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම අද (26) සිදු කෙරිණි.

ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් එළිදැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශය "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන්න තේමා කරගත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පිටු 230කින් සමන්විතය.

එහි පළමු කොටස ලෙස ජීවිතයක් - සුවපහසු රටක් ඇති කිරීම සම්බන්ධයෙන් වූ කරුණු ඇතුළත් කර තිබෙන අතර ප්‍රතිපත්ති ප්‍රකාශයේ දෙවන කොටසට අන්තර්ගත කර තිබෙන්නේ ගෞරවනීය ජීවිතයක් ගත කරමින් සුරක්ෂිත රටක් ස්ථාපිත කිරීමට අදාළ වූ කරුණුය.

 ලාංකිකයින්ගේ ජීවිත නවීන තත්ත්වයකට ගෙන එමින් පොහොසත් රටක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ සැලසුම් මෙහි තෙවන කොටසින් අවධාරණය කෙරෙන අතර සිව්වන සහ අවසන් කොටසට අන්තර්ගත කර තිබෙන්නේ අභිමානවත් ජීවිතයක් ගත කිරීම සඳහා නොසැලෙන රටක් නිර්මාණය කිරීමට අදාළ සැලසුම් පිළිබඳවය.

ඒ යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, මිත්‍රශීලි පොලිස් සේවාවක් සහ මතින් තොර රටක් ඇතුළු සැලසුම් සාක්ෂාත් කරගන්නා ආකාරය මෙහි දක්වා තිබේ.