Saturday, October 19, 2024
Follow Us
ජනාධිපති අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ මංගල රැලි අද

ජනාධිපතිවරණ අපේක්ෂකයින් කිහිප දෙනෙක් අද (17)මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරිමට නියමිතයි.

ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය අද පැවැත්වෙන්නේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ප.ව.2.00ට ආරම්භ වේ.

ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ මංගල ජනරැලි අද දකුණු පළාතෙන් ආරම්භ වේ.

සර්ව ජන බලයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ දිලිත් ජයවීර මහතාගේ මංගල ජනරැලිය අද යාපනයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ අතර, ලන්තෑරුම ලකුණ යටතේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද ගම්පහ නගරයේ බස්නැවතුම්පළේදී පෙරවරු 11.00ට ආරම්භ වීමට නියමිතයි.