Saturday, October 19, 2024
Follow Us
කිසිදු අපේක්ෂකයෙකුට සහය දීමට තීරණය කරලා නැහැ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහය ලබා දීමට තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලිපි ශීර්ෂයක් යටතේ නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තමන් සහය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සිදු කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

අධිකරණය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳ මෙතෙක් තීන්දුවක් ලබා දී නැහැ.

පක්ෂයේ ව්‍යවස්ථාව යටතේ සම්පූර්ණ බලය ඇත්තේ සභාපතිවරයාට බැවින් වෙනත් කිසිදු නිලධාරියෙකු විසින් කරනු ලබන පත්කිරීම් සහ ගනු ලබන තීරණවල කිසිදු වලංගුභාවයක් නොමැති බවද ඔහු සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.