Saturday, October 19, 2024
Follow Us
වතු ප්‍රජාවට සජිත්ගෙන් නව ප්‍රඥප්තියක්

උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවිම වෙනුවෙන් නව ප්‍රඥප්තියකට එළැඹීමට සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අද (12) කටයුතු කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ එම්. උදයකුමාර ඇතුළු පිරිසක් ද ඊට අත්සන් තැබූහ.

වතු ප්‍රජාවගේ දේශපාලන ආර්ථික සමාජීය සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් මෙම ප්‍රඥප්තියට එළැඹුන බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැවසීය.

Aruna