Saturday, October 19, 2024
Follow Us
ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත සඳහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය දා (09) දින සිය සහතිකය සටහන් කළේය.

ආර්ථික පරිවර්ථනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා විධි විධාන සැලසීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත 2024 මැයි 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

අනතුරුව 2024 ජූලි 25 වැනිදා පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමේ විවාදය පැවැත්විණි. එහි දී මෙම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 45 දරණ ආර්ථික පරිවර්තන පනත ලෙස හැඳින්වේ.