Saturday, October 19, 2024
Follow Us
රට ගොඩගත්තාට ඇමතිකම් නැති කළ එකම කෙනා සජිත්

රට ගොඩගත්තාට සුබ නොපතා ආණ්ඩුවට එක් වීම සම්බන්ධයෙන් අමාත්‍ය ධුර, මන්ත්‍රී ධුර නැති කළ එකම පාර්ශ්වය සමගි ජන බලවේගය ප්‍රමුඛ සජිත් ප්‍රේමදාස වන බවත් ලංකා ඉතිහාසයේ ශතවර්ශවලට වඩා වැඩ කළ වර්ෂ දෙක වෙනුවෙන් සජිත් ප්‍රේමදාසට ආඩම්බරයෙන් ස්තුති කරන බවත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.


"රට හදන්න ගිය අයට නඩු දැම්මේ සමගි ජන බලවේගය. මොකද, සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඕන වුණේ නෑ රට ඉස්සරහට ගෙනියන්න. රටට ආදරය කරන මිනිහෙක් නම් රටට කරන සේවයට ස්තුති කරන්න ඕන. ඔහු එහෙම කළේ නෑ." යැයි හිටපු අමාත්‍යවරයා පැවසුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.
පාර්ලිමේන්තුවේ සාමාජිකත්වයත් අහිමි වූ සිය අමාත්‍ය ධුරත් සමග ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම පිණිස පැවති සාකච්ඡාවේදී හිටපු අමාත්‍යවරුන් පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට තමන් හිස නමන බවය.