Saturday, October 19, 2024
Follow Us
පසුගිය 26න් පසු ගුරු සේවයට කිසිදු බඳවා ගැනීමක් සිදු කර නැහැ - අධ්‍යාපන ඇමැති

මැතිවරණ කොමසාරිස්වරයා පසුගිය 26 වනදා,  ගැසට් නිවේදනය නිකුත් කළ පසු කිසිදු බඳවා ගැනීමක් සිදුකර නැතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය. සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(02) යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, රජය ආර්ථික අභියෝග මධ්‍යයේ ගුරු හිගය තුලනය කිරීමට කටයුතු කළ බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසිය.

“සංවර්ධන නිලධාරින්ට ගුරු පත් වීම් ලබා දීම මාස 15ක් ප්‍රමාද වුණේ අධ්‍යාපන අමාත්‍යංශයේ වරදකින් නොවේ. අමාත්‍යංශය ගුරු සේවා ව්‍යවස්ථාව අනුව නිවැරදිව පත්වීම් ලබා දීමට කටයුතු කළා. නමුත් පාර්ශව 04ක් මේ සම්බන්ධව නඩුවක් ගොනුකළා.

2019 දී උපාධිධාරින් 52,000ක් සංවර්ධන නිලධාරින් වශයෙන් රාජ්‍ය සේවයට බඳවා ගත්තා. එයින් 23,000ක් පුහුණුවීම සඳහා පාසල්වලට අනුයුක්ත කළා. ඔවුන් සම්බන්යෙන් මාස 15ක් අධිකරණයේ නඩුවක් විභාග වුණා. එතන ඉන්නවා 16,000ක්. තව 23,000ට ගුරු පත්වීම් ලබා දී අවසන් කළා. මීළඟ නඩුව තිබෙන්නේ සැප්තැම්බර් 04 වනදා. ඒ වන විට කැබිනට් පත්‍රිකාව අනුමත කරගන්න පුළුවන්. “