Monday, October 28, 2024
Follow Us
මෝදිගෙන් අගමැති දිනේෂ්ට සුබපැතුම්

ලංකාවට සහාය දෙන බව මෝදි කියයි


විශ්වාසනීය මිතුරෙකු සහ සමීප අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාව අඛණ්ඩව සහාය දෙන බව එරට අග්‍රාමාත්‍ය මෝදි පවසයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමුකරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එම සම්පූර්ණ සුබපැතුම් පණිවුඩය පහතින්.

උපුටා ගැනීම

“ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් මගේ උණුසුම් සුබ පැතුම් පිළිගන්න.”

“ශ්‍රී ලංකාවට වැදගත් සන්ධිස්ථානයක දී ඔබ අග්‍රාමාත්‍ය ධූරයට පත් වී ඇත.

“ඔබගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව එහි ජනතාවගේ සමෘද්ධිය සහ යහපැවැත්ම සහතික කරමින් ඉක්මන් ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”

“විශ්වාස මිතුරෙකු සහ සමීප අසල්වැසියෙකු ලෙස, ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාව අඛණ්ඩව සහාය දෙන බව මම ඔබට සහතික වීමට කැමැත්තෙමි.”

“වසර දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාර සබඳතා මත පදනම්ව අපගේ ආදර්ශමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ පුළුල් කිරීමට ඔබ සමඟ කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.”

උපුටා ගැනීම අවසන්

Aruna