Monday, October 28, 2024
Follow Us
ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ඊයේ (27) සිට ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය.

මහමැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු ලබන නොවැම්බර් මස 07 වැනිදා දක්වා නිවෙස් වෙත ගොස් සිදුකරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ නිල දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති බැවින් ඊයේ දිනයේ දී එම දිස්ත්‍රික්කයේ බෙදාහැරීම් සිදු නොවන බව සඳහන් කළ ඒ මහතා එළැඹෙන නොවැම්බර් 03 වැනි ඉරු දින විශේෂ බෙදීම් දිනයක් ලෙස නම් කර පෙරවරු 8.00සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට පියවර ගන්නා බව ද පැවසීය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සඳහා සියලුම තැපැල් ජාල කටයුතු කරන බව ද කීවේය.