Monday, October 28, 2024
Follow Us
මතභේදාත්මක චීන නෞකාව හම්බන්තොටට ඇතුළුවීමට අවසර ඉල්ලා ඇතැයි ඉන්දියාවෙන් යළිත් අනාවරණයක්

මතභේදයට තුඩු දී ඇති චීනයට අයත් යුවාන් වැන්ග් 5 නම් නෞකාව හම්බන්තොට වරායට ඇතුළුවීම සඳහා ශ්‍රී ලංකාවෙන් අවසර ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා පවසන්නේ අදාළ නෞකාව මෙරට ආරක්ෂක අමාත්‍යංශයෙන් එම ඉල්ලීම කර ඇති බවයි.

අදාළ නෞකාව හම්බන්තොට වරායට ලගාවිමට නියමිත බවට ඉන්දියාව සිදුකළ අනාවරණයන් ශ්‍රී ලංකාව මීට දින කිහිපයකට බැහැර කළත් පසුව අදාළ නෞකාව හම්බන්තොට වරායට ලගාවීම සඳහා අවසර ඉල්ලා ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව ඉන්ධන ඇතුළු තවත් අවශ්‍යතා කිහිපයක් සඳහා යුවාන් වන්ග් 05 නෞකාව අගෝස්තු මස 11 වනදා සිට 17 දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබෙනු ඇතැයි ද ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයෙකු උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. කෙසේවෙතත් මෙම චීන නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවයි ඉන්දියාව අවධාරණය කරන්නේ.

ඉන්දියාවේ අදහස් දැක්වීමට ප්‍රතිචාර වශයෙන් චීනය ඉකුත් දා ප්‍රකාශ කළේ සිය නීත්‍යානුකූල නාවික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පිටස්තර පාර්ශව මැදිහත්වීම් සිදුනොකරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. යුවාන් වැන්ග් අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා පර්යේෂණ නෞකාවක් බවයි මීට පෙර අනාවරණ කෙරුණේ.

Neth